Colombo Today Local News

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඩොලර් බිලියනයක් පමණ ණය ගෙවීමට ඇති බවත් ඉන් බහුතරය රජයට ගෙවිය යුතු බවත් එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.

ලංකා බැංකුවට ඩොලර් මිලියන 220ක්, මහජන බැංකුවට ඩොලර් මිලියන 187ක් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 275ක් ලෙස ප්‍රධාන වශයෙන් ගෙවීමට ඇතැයි ඔහු පැවසීය.

තමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පාඩු ලබමින් ඇති ගුවන් සේවය වසරක් තුළ ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකිවේ යැයි අනුමාන කළ බවත් කොරෝනා වෛරසය නිසා ඊට බාධා එල්ල වූ බවත් මාධ්‍ය අමතමින් ඔහු කීය.

පසුගිය වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය වාර්තා කර ඇති පාඩුව ඩොලර් මිලියන 130කි. විශේෂයෙන්ම කොරෝනා තත්ත්වය නිසා ගුවන්තොටුපළ වසා දැමීමට සිදුවීමෙන් තම ආයතනයට විශාල පාඩුවක් සිදුව ඇතැයි පතිරගේ මහතා පවසයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාර්තු 19 වැනි දා සංචාරකයින් සඳහා වසා දැමුණු අතර එය අගෝස්තු 01 වැනි දා නැවත විවෘත කිරීමට නියමිතය.

Related posts

සූදු කෙලි යුද හමුදාවේ සිව් දෙනකු ඇතුළු 15ක් අත්අඩංගුවේ

Admin

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 250 කින් ඉහළට

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සහ අනිද්දා වැඩ වර්ජනයක්

colombotoday

ආණ්ඩුවේ නායකයෝ අපිව තුට්ටුවක ගණන් ගන්නෑ… තීන්දුවක් ගන්නවා – ඇමති හකීම්

colombotoday

දේශබන්දු කරූ ජයසූරියට දේශාභිමාන්‍ය සම්මානය පිරිනැමීම අද ජනාධිපති මන්දිරයේදී..

Admin

විශ්වවිද්‍යාලයට පිවිසෙන භික්ෂූන් වහන්සේලා සිවුරු ඇරීම වැළැක්වීමට ජනපති ගන්න යන තීරණය

Admin