Colombo Today Sports News

විස්සයි20 කණ්ඩායමේ නායකත්වය මාලිංගට

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව තිබේ.

තරගාවලිය සඳහා 15 දෙනෙකුගේ සංචිතයක් නම් කර ඇති අතර එහි උපනායක ලෙස නිරෝෂන් දික්වැල්ල නම් කර තිබේ.

අවිශ්ක ප්‍රනාන්දු හා ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට කැඳවා තිබේ. කෙසේ වෙතත් මෙම සංචිතයෙන් ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වා තිබේ. පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ දී ඇති අකිල ධනංජයද කණ්ඩායමට කැඳවා තිබේ.

ශ්‍රී ලංක සංචිතය – ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර, ළහිරු මධුශංක.

Related posts

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

Admin

දිමුත් 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

colombotoday

කේ. මතිවානන්ගේ පාර්ශවය ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා ඉල්ලා අස් කර ගනී

colombotoday

ආසියානු කුසලානය රැගෙන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

colombotoday

සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි

Admin

LPL අවසන් සටන අද

Admin