Colombo Today Local News

විජයදාස ජනපති කොමිසමට…

පර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා මේවන විට ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව වෙත පැමිණ තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන සුරක්ෂා රක්ෂණ ක්‍රමය මගින් සිදුවු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මහතා විසින් සිදුකළ  පැමිණිල්ලකට අදාළව කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමටයි ඔහු පැමිණ ඇත්තේ.

සිසු දරුවන්ට කිසිදු ප්‍රතිලාභයක් නොමැති සුරක්ෂා රක්ෂණ ක්‍රමය මගින් රුපියල් මිලියන 2300 ක අක්‍රමිකතාවයක් සිදුවු බව පවසමින් පසුගිය 07 වැනිදා මන්ත්‍රීවරයා විසින් අදාළ පැමිණිල්ල සිදුකරනු ලැබුවා.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ විශේෂ විමර්ශණ පොලිස් ඒකකය මුලික විමර්ශණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව සාක්ෂි විභාගය සඳහා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙලෙස කැඳවීමටයි එම කොමිසන් සභාව පියවර ගෙන ඇත්තේ.

Related posts

අවි පුහුණුව ලැබූ තව්හිද් ත්‍රස්තයෙක් පේරාදෙණියේදී අත්අඩංගුවට !

colombotoday

ආණ්ඩුවේ ලොක්කන්ට ආර්ථික දැනුමක් නෑ

Admin

ඇමතිට ලැබුනු තීන්දුව පොහොට්ටුවෙන් කැඩුණු මන්ත්‍රීන්ට බලපෑමක් නෑ – ජී. එල්. පීරිස් කියයි

Admin

නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කෙරේ..

colombotoday

ආර්ථිකය ගැන අනතුරු ඇගවීමක්

Admin

චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මි. 28 ක ඖෂධ හා ශල්‍ය උපකරණ

colombotoday