මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් යාපනය දිස්ත්රික්කයට තරඟ කර ජයග්රහණය කරන ලද උතුරු පළාත් හිටපු මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා මුලතිව් මුල්ලිවයික්කාල් ප්රදේශයේ මියගිය කොටි සාමාජිකයන්ගේ ස්මාරකය අභියස දිවුරුම් දී තිබේ.
ඔහු මෙම කටයුත්ත පසුගිය 13දා සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුවේ 20 වෙනදා නියමිත දිවුරුම් දීමට ප්රථමය.
මෙම අවස්ථාව සඳහා හිටපු තවත් දේශපාලනඥයින් කිහිප දෙනෙකු සහභාගි විය.
එහිදි විග්නේෂ්වරන් මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට පළමුව තමන් යුද්ධයෙන් මියගිය ජනතාව සිහි කිරීම වෙනුවෙන් එම ස්ථානයේ පූජාවක් පවත්වන බවට පොරොන්දු වූ බවයි
-Lanka c news