Colombo Today Sports News

වාර්තාවක් ද තබමින් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 354ක් රැස් කරයි

දේශීය පළමු පෙළ තරග ඉතිහාසයේදී පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරිමට දිනේෂ් චන්දිමාල් අද සමත්වුණා.

යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් විසින් සැරසන්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 354ක් රැස් කරගනු ලැබුවා.

චන්දිමාල් ගේ මෙම ඉනිමට පන්දු 391ක් වැයවූ අතර එහිදී ඔහු හතරේ පහරවල් 33ක් හා හයේ පහරවල් 09ක් එල්ල කරනු ලැබුවා.

මෙහිදී ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම සිය පළමු ඉණිම කඩුලු 8ක් දැවී ලකුණු 642ක් ලබා සිටියදී අත්හිටුවීමට පියවර ගත්තා.

පළමු ඉණිම සඳහා පිතිකරණයට පිවිසි සැරසන්ස් කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 18ක් ලබා ගෙන සිටියි.

Related posts

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ට වසර 6ක තහනමක්

Admin

කාසියේ වාසිය එංගලන්තයට… රංගන හේරත් අවසන් වරට ජාත්‍යන්තර තරග බිමේ…

colombotoday

ආසියානු කුසලානයේ ටිකට් පත් මිල අඩු කෙරේ!

colombotoday

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරඟය අද

colombotoday

ශර්මාගේ ප්‍රචන්ඩ ප්‍රහාරයෙන් ලංකාව අසරණ වෙයි.. 20-20 ජයත් ඉන්දියාවට !

colombotoday

ඔලිම්පික් පළමු රන් පදක්කම චීනයට

colombotoday