Colombo Today Local News

රාජගිරියේ රිය අනතුර – පාඨලී ගේ රියදුරුට ඇප

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරුවන දිලුම් තුසිත කුමාර මහතා අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසුව ඔහු රුපියල් ලක්ෂ හතරක අමතර බැදුම්කරයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින දිලුම් තුසිත කුමාර මහතා එම නඩුව ඉකුත්දා කැඳවනු ලැබූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඉන් අනතුරුව ඒ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් වරෙන්තු නිකුත් කළේය.

මෝසමක් මාර්ගයෙන් විත්තිකාර දිලුම් තුසිත කුමාර මහතා අධිකරණයට භාරවූ අතර ඉන්පසුව ඔහු වෙනුවෙන් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා අද (05)දින නියම කළේය.

අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ හතරක අමතර බැඳුම්කරයක් මත මුදාහරින ලෙස මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

Related posts

MCC ගිවිසුම කොන්දේසියකින් තොරව ප්‍රතික්ෂේප කළ යුතු බව සමාලෝචන කමිටුව යෝජනා කරයි

colombotoday

දැන් ඇති හොඳම විකල්පය බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීමයි – නිර්මාල්

colombotoday

සන්ධානයෙන් කොළඹට අසාද් සාලි.. එජාපයෙන් රෝසි !

colombotoday

කො⁣රතොට ඉන්ධනහලකට බෝම්බ ප්‍රහාරයක්

Admin

ලක්ෂ 12ක මත්පෙති සමඟ දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

‘මහින්ද ආය බලයට එනකොට මුළු රටම බංකොලොත්‘ – ඇමති මලික් කියයි

colombotoday