Colombo Today Local News

යෝෂිත රාජපක්ෂ, නිශාන්ත ඇතුළු 5ක් රිමාන්ඩ්

රොහාන් වැලිවිට හා නිශාන්ත රණතුංගත් අත්අඩංගුවට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

ඒ, සී.එස්.එන්. නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම සහ හේතු ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව පවත්වාගෙන යෑම යන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි.

එසේම හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, සී.එස්.එන්. නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ නිශාන්ත රණතුංග ඇතුලූ තවත් සිව්දෙනෙකුද මෙම සිද්ධියට අදාළව අද අත්අඩංගුවට ගත්තා.

නාවික හමුදාවේ ලූතිනන්වරයෙකු වන යෝෂිත රාජපක්ෂගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය ප්‍රශ්න කළේ ඔහු නාවික හමුදා මූලස්ථානයට කැඳවීමෙන් අනතුරුවයි. අනෙක් පිරිසගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශයේදී ප්‍රශ්න කිරීම් සිදුකළා.

Related posts

නොමිලේ ලබා දුන් පාසල් නිල ඇදුම් ලබා ගන්න අගමැතිනිය පැයක් ප්‍රමාද වී පැමිණේ

Admin

තම බල ප්‍රදේශයේ සිදුවන අපරාධ පිළිබදව ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියා වගකිව යුතුයි

colombotoday

එකමුතුව වෙනුවෙන් බෞද්ධ හිංදු සම්මන්ත්‍රණයක්

colombotoday

මිලි­යන 2,500ක රේගු අක්‍ර­මි­කතා එළි­යට

colombotoday

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

colombotoday

නොබෙල් සාම තෑග්ග ජනපතිගෙන් ගිලිහෙයි !!

colombotoday