Colombo Today Local News

මිලි­යන 2,500ක රේගු අක්‍ර­මි­කතා එළි­යට

රථවාහන නිශ්කාෂණයේදී ශ්‍රී ලංකා රේගුවේ රේගු නිලධාරීන්ගේ නොසැලකිල්ල හා අක්‍රමිකතා නිසා රජයට හිමිවිය යුතු රුපියල් මිලියන 2,500ක බදු මුදල් අහිමිවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත. අදාළ රේගු බදු මුදල් අහිමිව ඇත්තේ රථවාහන ආනයනයේදී අදාළ වාහන නිශ්කාෂණයට අයත් බදු කාණ්ඩයට නොව වෙනත් බදු කාණ්ඩ යටතේ බදු මුදල් නියම කිරීම නිසා මේ බදු අහිමි වීම සිදුව ඇති බව වාර්තා වේ.

ඒ යටතේ එක් අහිමිවීමක් වාර්තා වන්නේ 2013 වසරේ සිට කළ රථවාහන ආනයනයන්ගෙන් වන අතර විශේෂිත කාර්යයන් සඳහා ආනයනය කළ වාහන, ද්විත්ව කාර්ය වාහන (Dual purpose) ලෙස බදු අය කර නිශ්කාෂණය කිරීම නිසා රජයට බදු වශයෙන් ලැබිය යුතු රුපියල් මිලියන 220ක් අහිමිව තිබේ.

එමෙන්ම 2010 වසරේ සිට 2019 දක්වා කාලයේ වෑන් රථ 443 ක් සඳහා එක් රථයකින් මිලියන 3 බැගින් අහිමිව ඇති අතර එහිදී රුපියල් මිලියන 1329ක බදු මුදලක් රජයට අහිමිව ඇත.

එමෙන්ම 2010 වසරේ සිට 2014 දක්වා, වෑන් 10 ක් සහ ලොරි 414 ක් වෙනුවෙන් අය විය යුතු මිලියන 900ක පමණ මුදලක්ද අහිමිව ඇති අතර ඊට අමතරව රුපියල් මිලියන 9කට අධික එතෙර වටිනාකමකින් යුතු සුඛෝප‍භෝගී මෝටර් රථයක් විශේෂ කාර්ය වාහන කාණ්ඩය යටතේ රුපියල් මිලියන 1.5 ක සුළු බද්දක් පමණක් අය කරගනිමින් මුදා හැර ඇත. එම සුපිරි මෝටර් රථය අදාළ ප්‍රවාහන කාණ්ඩය යටතේ නිශ්කාෂණයට කටයුතු යෙදවූයේ නම්, රජයට රුපියල් මිලියන 56 ක බදු මුදලක් හිමිවන බවද ගණන් බලා ඇත. මෙවන් අක්‍රමිකතා සම්බන්ධයෙන් කළ යුතු කඩිනම් පියවර ගැනීමට අමතරව රේගුව සහ මෝටර් රථ දෙපාර්තමේන්තුව අතර ස්වයංක්‍රීය පරිගණක සැසඳුමි පද්ධතියක් පවත්වාගෙන යාමටද පියවර ගෙන තිබේ.

Related posts

දස හැවිරිදි දරුවෙක් වැසිකිළියේදී සියදිවි නසා ගෙන

Admin

ඇවන්ගාඩ් සිද්ධිය යට ගහන්න නීතිපතිට බලපෑම් කළේ නෑ – ඇගමැති රනිල්

colombotoday

හෙට සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වරාය වෘත්තීය සමිති අනතුරු අඟවයි

colombotoday

හිටපු කොටි 30 ක් ජර්මනියෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරයි.

colombotoday

අසාද් සාලි අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට සැකපිටයි | මහජන ආරක්ෂක ඇමති කියයි.

colombotoday

නැන්දම්මාගේ අතපය ගැටගසා බෑණා 13 හැවිරිදි දැරිය අපයෝජනය කරලා

colombotoday