Colombo Today Local News

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය නලීන් ද සිල්වා පත්කෙරේ

විදේශ රටවලට නව තානාපතිවරුන් පත් කිරීම ආරම්භ කළ බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.නෝර්වේ ශ්‍රී ලංකා තානාපති ලෙස ඒ.එල්.ඒ. අසීස් ද, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය නලීන් ද සිල්වා, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ඊවා වනසුන්දරද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙස මල්රාජ් ද සිල්වා ද පත්කර ඇත.

මෙම තානාපතිවරුන්ගේ නම් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට යොමු කර තිබේ. පසුගිය රජය විසින් තානාපතිවරුන් ලෙස පත් කළ නිලධාරීන්ට එළැඹෙන 15 වැනිදා වන විට දිවයිනට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත.

එම තානාපතිවරුන්ගෙන් බහුතරය දේශපාලන පත්වීම් බව ඇමැති දිනේෂ් ගුණවර්ධන පසුගියදා ප්‍රකාශ කළේය. මෙම තානාපතිවරුන්ගෙන් කිහිපදෙනකු ඉවත්වීම සඳහා තවත් කාලය අවශ්‍ය බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට දැනුම් දී තිබුණත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත.

Related posts

ඛනිජ තෙල් නිෂ්පාදන පනත ගැසට් කෙරේ…

colombotoday

ඡන්දෙන් පසු ප්‍රබල අමාත්‍යාංශ තුනක් ජනපති යටතට

colombotoday

ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මකයි.. රට ලොක් ඩවුන් කරන්න බැරිනම් ලොකප් කළ යුතුයි

colombotoday

නවීන තාක්ෂණයෙන් වැසිකිළි හදනවා

Admin

රාජිත-රන්ජන්-රංජිත් ඇතුළු හිටපු මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් අද දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනපති කොමිසමට පැමිණේ

colombotoday

ඇමැති තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා මර්දන නීතිවලට අනුව හෙට සිදුකෙරේ.

colombotoday