Colombo Today Local News

මැතිවරණයක් කැදවීමට එරෙහිව 15 දා එජාපය කොළඹ වටලයි.. දැවැන්ත විරෝධතාවක්..

ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකළාපයට විරෝධය පළ කරමින් ලබන 15 වනදා කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවක් පවත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ගංගාරම විහාරස්ථානය අසල පැවැති අඳුරට එරෙහිව පහණක් දල්වමු විරෝධතා ව්‍යාපාරයට එක්වෙමින්. ව්‍යවස්ථාවට අනුකූල කිසිදු මැතිවරණයක් සදහා එක්සත් ජාතික පක්ෂය විරෝධය පළ නොකරන බවයි නලීන් බන්ඩාර මහතා මෙහිදී කියා සිටියේ.

මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාද එක්ව සිටියා. ඔහු එහිදී සදහන් කළේ ජනාධිපතිවරයා අනුගමනය කරන සෑම දේශපාලන තීන්දුවකින්ම අර්බුදයක් නිර්මාණය වන බවයි.

Related posts

තිලංගගේ ක්‍රිකට් විශ්වවිද්‍යාල හැදිල්ලක් ගැන රන්ජන්ගෙන් හෙළිදරව්වක් (Video)

colombotoday

දිවයින පුරා නාය යෑම් අවදානම් සහිත ස්ථාන 343ක් හදුනා ගනී

colombotoday

අද පැය 13ක් විදුලිය නැහැ… පාන්දරටත් අදුරේ

colombotoday

ජනපතිගේ සහන මල්ල මාර්තු 01 දා සිට…

colombotoday

කන්කසන්තුරේ ගැමුණු විහාරය හින්දු සංස්කෘතියට බාධාවක්ලු.. වහා ඉවත් කරන්නැයි බලපෑම්…

colombotoday

පොල් මද රටින් ගෙන්වීමට ජනපති අනුමැතිය

colombotoday