Colombo Today Sports News

මාලිංගට IPL තරග රැසක් අහිමි වීමට යයි

වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට මෙවර අයි පී එල් තරගාවලියේ තරග රැසක් අහිමිවනු ඇති බව වාර්තාවෙයි.

පෞද්ගලික කරුණක් හේතුවෙන් ලසිත් මාලිංග, අයි පි එල් තරගාවලියේ මූලික වටයේ තරග රැසකට එක් නොවන බවයි වාර්තා වන්නේ. මාලිංගගේ පියා අසනීප තත්ත්වයකින් පසුවීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව ක‍්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

කෙසේවෙතත්, තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා ලසිත් මාලිංග ක‍්‍රිඩා කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ. මෙවර අයි පී එල් තරගාවලිය සැප්තැම්බර් 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

Related posts

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

Admin

මළල ක්‍රීඩාව නංවන්න සුසන්තිකා පදනම දමයි

colombotoday

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අද වැඩ වර්ජනයක්

Admin

ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !

colombotoday

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Admin

පොදු රාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ ශූරයින්ට ජනපති අතින් පදක්කම්

colombotoday