Colombo Today Local News

මහින්ද ශ‍්‍රීලනිප නායකත්වය එපා කියයි

තමන් යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර නොගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ පසු තම කණ්ඩායම බොහෝ දුෂ්කරතා සහ අභියෝග මැද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කළ බවත් එහි නායකත්වය තමන් බාර ගත් බව පැවසූ අග්‍රාමාත්‍යවරයා දැන් තමන් එහි නායකයා නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර ගැනීමේ කිසිදු උවමනාවක් නැතැයි ද කියා සිටියේය.

සන්ධාන මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා විසින් මෑතකදී පවසා තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉවත් වනු ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා එය බාර ගනු ඇති බවත් ය.

ඒ ගැන මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

Related posts

හරීන් සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි?

colombotoday

මොරටුව අබ්බා STF වෙඩි කා නසී. ගෝලයින් හයකුත් අත්අඩංගුවට

colombotoday

ආපන ආපනශාලාවක වෙඩි තැබීමක් – හිමිකරු මරුට

Admin

පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් තාවකාලිකව නවතී

colombotoday

“13 ක්‍රියාත්මක කරන්න අයිතියක් මේ ජනවරම තුළ නෑ”

Admin

අපි ඉල්ලන දේ නොලැබුනොත් ඒක දේව කැමැත්ත කියලා හිතමු

Admin