Colombo Today Local News

මහනුවර නගරයේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගනියි

මහනුවර නගරයේ ඇති අවදානම් හා නිතී විරෝධී ඉදිකිරීම් සියල්ල මේවනවිට හඳුනාගෙන අවසන් කර තිබෙනවා.

ඒ, අදාල ඉදිකිරීම් පිළිබඳ සොයාබැලීමට පත් කල විශේෂඥ කමිටුව විසින්. ඉංජිනේරුවරුන් 21 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව විසින් තමන් සිදුකරනු ලැබූ අධ්‍යයනයේ වාර්තාවද මේ වන විටත් ලබා දී තිබෙනවා.

ඒ අනුව අදාල සියලු ඉදිකිරීම් සම්බන්ධයෙන් යළි පූර්ණ විමර්ශණයක් සිදු කිරීමටත් ඒවායේ ඇති අවදානම ඉවත් කිරීමට ගත හැකි පියවර ක්ෂණිකව අනුගමනය කිරීමටත් නියමිතයි.

ඒ අනුව පළමු පියවර ලෙස අදාල ඉදිකිරීම් හිමි පුද්ගලයින්ට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහය නොමිලේ ලබා දෙන බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ පැවසුවේ.

මහනුවර බූවැලිකඩ ප‍්‍රදේශයේ සිදුවූ 5 මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවසන් වාර්තාව සඳුදා ලැබෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ වැඩිදුරටත් පැවසුවේ කඩා වැටුණු අදාල ගොඩනැගිල්ල ඉදිකිරීමේදී හා යළි සංවර්ධනය කිරීමේදී කිසියම් වංචනික ක‍්‍රියාවක් සිදුව ඇත්දැයි පුළුල් විමර්ශණ කි‍්‍රයාත්මක බවයි.

මහනුවර බූවැලිකඩ ප‍්‍රදේශයේ 5 මහල් ගොඩනැගිල්ලක් ඉකුත් දා ඒ අසල පිහිටි කුඩා හෝටලයක් මතට කඩා වැටීමෙන් එහි සිටි මාස එකහමාරක බිළිඳියකට, හා ඇයගේ මව්පියන්ට දිවි අහිමි වුණා.

Related posts

රණවිරුවන් නිකරුණේ රස්තියාදුකරන සී අයි ඩී යට හිටපු හමුදාපතිගෙන් කනේ පහරක්

colombotoday

මාතරින් වැඩිම ඡන්ද ගත් බුද්ධිකට නොදෙන තැන සාගලට දෙන රහස…

colombotoday

රන්ජන්ට ජනපතිගෙනුත් කැපිල්ලක්..!

colombotoday

සයිටම් ප්‍රධානියාට වෙඩි තැබීම කුමන්ත්‍රණයක් !!

colombotoday

ඇමතිලාට වාහන ගන්න තවත් කෝටි 37ක් ඉල්ලයි.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday

රෝහලෙන් හමු වූ අත්බෝම්බය හදන්න සහය වූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday