බෝරා මුස්ලිම් ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයන් පිරිසට ශ්‍රී ලංකාවට පැමිණීමට අනුමැතිය ලබා දුන් බව ජනාධිපති විදේශ කටයුතු අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.
එම පිරිස 21 දා මෙරටට පැමිණෙනු ඇති බවත් ඔහුට රාජ්‍ය නායකයෙකුට ලබා දෙන පිලිගැනීමක් ගුවන් තොටුපලේදී ලබා දීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.
ඉන්පසු බණ්ඩාරවෙල පිහිටි ඔවුන්ගේ නිවාඩු නිකේතනයක් වෙත ගෙන යන බවත් ඔහු සඳහන් කළේය.
කොරෝනා වසංගතය අවසන් වන තෙක් එම පිරිස මෙහි රැඳී සිටින ඇති බවද ඔහු කියා සිටියේය.