Colombo Today Local News

බන්ධනාගාර නිලධාරීන් 15ක ගේ වැඩ තහනම්.. 19ක් ස්ථාන මාරු

පසුගිය මාස දෙක ක කාලය තුළ විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වු නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඔවුන් මහර, මැගසින්, බූස්ස, කොළඹ, වැලිකඩ, ගාල්ල, මීගමුව, වාරියපොළ හා අගුණකොළපැලැස්ස යන බන්ධනාගාරවලට අනුයුක්තව සේවය කරමින් සිටි නිලධාරීන් බව අද (14)දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා ප්‍රකාශ කළේය.

ඔවුන් 15 දෙනා අතර සහකාර අධිකාරිවරයෙක්, ප්‍රධාන ජේලර්වරු දෙදෙනෙක්, ජේලර්වරයෙක් සිටින බව ඔහු පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ඒ ඒ ආයතනවල අධිකාරිවරු, බන්ධනාගාර බුද්ධි අංශ මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගනු ලැබූ යම් යම් කරුණු මත පදනම්ව සිදුකළ මූලික විමර්ශනවලට අනුකූලව මෙම නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බවත් ඒ මහතා පැවසීය.

ඉදිරියේ දී ඔවුන්ට විරුද්ධව විනය චෝදනා යටතේ ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් බරපතළ චෝදනා ඇති නිලධාරීන් සේවයෙන් පහ කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසයි.

එසේම අනිසි ආකාරයෙන් වත්කම් ඉපැයූ බන්ධනාගාර නිලධාරීන්ගේ තොරුතුරු ද පොලිස් දෙපාර්තමේන්තුව විසින් අල්ලස් කොමිසමට යොමුකර ඇති බවත් මීගමුව හා බූස්ස බන්ධනාගාරවල සිටින, සිය පරිපාලනයට සහයෝගය නොදෙන හා සිරකරුවන් සමග යම් යම් සබඳතා පවත්වන බවට අනාවරණය වී ඇති නිලධාරීන් ද මේ වන විට ස්ථාන මාරු කිරීම්වලට යොමු කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් 9 දෙනෙකු හා බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් 10 දෙනෙකු මේ වන විට ස්ථාන මාරු කිරීම්වලට යොමුකර ඇති බව ඔහු සඳහන් කළේය.

Related posts

සෝභිත හිමියන්ගේ ජාතික ශාසනික සේවාව ශ්‍රෙෂ්ඨයි, මානුෂීය මෙහෙවරේදී දුන් සහය අතිමහත්!

colombotoday

ප්‍රසන්නගෙන් මහින්දට ලිපියක්

Admin

එජනිස මැතිවරණ ව්‍යාපාරයට ක්‍රිකට් ආයතනයේ සම්පත් තිලංග සුමතිපාල අවභාවිතා කරයි

colombotoday

බුරම්පි මාමා අන්දනවා වගේ අයි.එම්.එෆ් අන්දන්න බෑ

Admin

තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්‍රී කාලයේදී වාහන දඩ ගෙවීමට පහසුකම්

Admin

පාතාලයෙන් උදෙන්ම වෙඩි තැබීමක්

Admin