Colombo Today Local News

බදියුදීන් භාවිතා කළ මෝටර් රථ දෙකක් සොයා ගැනේ – රියදුරන් දෙදෙනාත් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැල්ලවත්ත ප‍්‍රදේශයේදී සොයා ගැනුණු සුඛෝපභෝගී මෝටර් රථ දෙක හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් භාවිත කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

අදාළ මෝටර් රථ දෙකේ රියදුරන් දෙදෙනා ද පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැනුණා. එම මෝටර් රථ 02 තුළ තිබී පිස්තෝල 02 ක්, මැගසින් 04 ක් සහ පතරොම් 48 ක් ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

සැඟව සිටින හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

Related posts

යාපනයේදී කේරළ ගංජා කිලෝ 185ක් පොලිස් විශේෂ කාර්ය බලකාය වටලයි

colombotoday

උ.පෙළට ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක්

Admin

ඉන්දියාව ශිවාජිලිංගම්ට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කරයි

colombotoday

බිරිඳ දමා සිරකර සැමියා ගෙට ගිනි තියලා

Admin

මඩකලපුවේ කතෝලික දේවස්ථානයකටත් බෝම්බ ප්‍රහාර

colombotoday

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69වන අභිමානවත් සංවත්සරය අදයි

colombotoday