Colombo Today Local News

පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. විජේදාසට ප‍්‍රහාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා දුක්මහන්සියෙන් බිහිකොට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත් කර, මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයට පත් කර රජයක් බිහි කළේ හිරගෙවල් වල ලැග දුක්විද බව මහරගම ශ්‍රී ලංකා පොදු පෙරමුණේ සංවිධාය කාන්ති කොඩිකාර මහත්මිය ප්‍රකාශ කරයි.

පවතින රජය බිහි කිරිමේදි පසුගිය වසර ගණනක් අපි දුක් වින්දේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉෂ්ඨ කරන්න මිස, විජේදාස වැනි පුද්ගලයන් අපේ පක්ෂයෙන් තරඟකොට පාර්ලිමේන්තුවට ගෙනත් රජය විවේචනය කිරීමට නොව, මෙවැනි තත්වයන් යටතේ මහන්සියෙන් බිහි කළ රජය අපහසුතාවය පත් කිරීම වැරදි බව කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟකොට මනාප ලැයිස්තුවේ ඊළගට සිටින මොරටුව සංවිධායක හිටපු නගාරාධිපති සමන්ලාල් මහතා ප්‍රකාශකලේය.

එමෙන්ම, මනාප ලැයිස්තුවේ සමන්ලාල්ට මහතාට පසුව සිටින පොදුජන පෙරමුණු අවිස්සාවෙල්ල සංවිධායක නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතාද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වු අතර ඔහු ප්‍රකාශ කළ සිටියේ අපේ ඡන්ද අරං අපේ මන්ත්‍රීධුර අරං පක්ෂයට ව්රුද්ධව වැඩකිරීම යුක්තිසහගත නොවන ක්‍රියාවක් බවයි.

ඉහත ප්‍රවෘත්ති සාකච්ඡාව අද දින බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කිරීමේ පුරෝගාමියකු ලෙස සිටින බව ප්‍රකාශ කරමින් එම පක්ෂයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධව විජේදාස රාජපක්ෂ මහතා පසුගිය ඉරිදා ලංකාදීප පුවතට කළ ප්‍රකාශ සම්බන්ධයෙනි.

Related posts

අංගොඩ ලොක්කගේ ගෝලයක් වෙඩි කයි

colombotoday

අත්අඩංගුවට ගන්න හොයන ඥාණසාර හිමියන්ගෙන් රහසිගත තැනක සිට ලිපියක් !!

colombotoday

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි අද දිවයිනට

colombotoday

පළාත් පාලන මැතිවරණය ලබන අවුරුද්දේත් තියන්න පුළුවන් වේදැයි සැකයි – මැ.කො. සභාපති

colombotoday

මත්පැන් අලෙවි සලක මුදල් බැංකුවට රැගෙන යද්දී කොල්ල කාලා

Admin

පිරිසක් භූමිදානය ඉල්ලා කෑ ගසද්දී ආදාහනයට මුස්ලිම් සංවිධානයකින් නොමිලේ මිනී පෙට්ටි

colombotoday