Colombo Today Local News

පෙළ පොත් සඳහා පණිවිඩය එක් කිරීමෙන් අමතර වියදමක් නෑ

පාසල් පෙළපොත් සඳහා තම ඡායාරූපය ඇතුළත් පණිවුඩය පෙළ එක්කිරීමෙන් අතිරේක ව කිසිඳු මුදලක් වැය වී නොමැති බවත්, පෙළපොත් මුද්‍රණය ආරම්භයේ පටන් ම විෂය භාර අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවුඩය පෙළපොතට ඇතුළත් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පෙළ පොත් මුද්‍රණයේ දී මිළ ගණනය කරනු ලබන්නේ, වර්ණ හෝ කලු, සුදු පිටු ගණන මත මිසෙක, පිටුවල අන්තර්ගතය පරීක්ෂා කරමින් නොවන බවත්, හිටපු අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ පමණක් නොව, හිටපු ජනාධිපතිවරුන්ගේ ද වර්ණ ඡායාරූප සහිත ව ප්‍රකාශ අන්තර්ගත ව ඇති අවස්ථා ගණනාවක් ම ජනාධිපති විමර්ශන කොමිසම වෙත ඉතා පැහැදිලි සාක්ෂි සහිත ව ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ  අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පාසල් පෙළ පොත්වල ඡායාරූපය සහිත පණිවුඩයක් ලබාදීම තුළින් රජයට පාඩුවක් සිදුව ඇති බවට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලද  පැමිණිල්ලකට අදාළ ව අද (01) ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“දින 52 තුළ සිටි අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මගේ පණිවුඩය පෙළපොත්වලින් ගලවන්න තීරණය කරල, පොත් පිටපත් ලක්ෂ 8කට පමණ මගේ ප්‍රකාශය සහිත පිටුව ඉවත් කරල හිස් පිටුවක් සහිත ව පෙළ පොත ඉදිරිපත් කරන්න නියෝග කරල තියෙනවා.

මේ නිසා දරුවන්ට නිසි කලට පෙළ පොත් ලබාදීමට පවා නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම එතුමා ජාතික ගීයත් පෙළපොතෙන් අයින් කරන්න තීරණය කරලයි තිබුණේ. එහෙත් අවසානයේ දී හිටපු ප්‍රකාශන අධ්‍යාපන කොමසාරිස්තුමිය විසින් කළ කරුණු කාරණා පැහැදිලි කරමින් කළ ඉල්ලීමක්  නිසා ජාතික ගීය තවදුරටත් පෙළ ඉතිරි වෙලා තියෙනවා.”

Related posts

හකීම්ගේ හෙංචයියන් 481 ක් නීතිවිරෝදී ලෙස ජල සම්පාදන මණ්ඩලයේ ස්ථිර කරයි?

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් ගමන් අරම්භයේ සිට හුවමාරු කරගත් තොරතුරු CIDය සොයා ගනී

colombotoday

දින 3ක විශේෂ නිවාඩුවක්

colombotoday

හොරෙන් ගෙනා සැප වාහන ගැන ඇහෙන කතාව

Admin

චීනෙන් එක්දින ධීවර ය්‍රාත්‍රා වලට නොමිලේ භූමිතෙල්

Admin

එන වසරේ කොටි මහවිරු දිනයට රනිල් – මෛත්‍රීවත් සමරන්න යෝජනා කෙරේ !

colombotoday