
මිගමුව සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ට ලබාදීමට ගෙනා දුම්කොළ තොගයක් අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් අද (15)දින සමත්ව තිබෙනවා. මෙම දුම්කොළ රැඳවියන්ට ලබාදීමට ගෙනවිත් ඇත්තේ ඔවුන්ට ලබාදීමට ගෙනා පාවහන් වල ව්‍යාජ පතුල් තුල සඟවා ගෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කර සිටියේ.
මෙම දුම්කොළ සහිත ව්‍යාජ පතුල් සකස් කරන ලද පාවහන් රැගෙන ආ පුද්ගලයින් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීම සඳහා මිගමුව සහ බොරැල්ල පොලිස් ස්ථානයන්ට භාරදී තිබෙනවා.