BusinessColombo Today Local News

නොමිළේ WIFI.. ගූගල් බැලුන්.. වලින් පසුව රටටම 4G දෙන්න මයික්‍රොසොෆ්ට් එයි

මෙරට සියලුම ගම්මානවලට 4G අන්තර්ජාල පහසුකම් සහ බැංකු දත්ත සයිබර් ප්‍රහාරයන්ගෙන් ආරක්‍ෂා කිරීම සඳහා සහාය ලබා දීමට. ලොව ප්‍රකට මයික්‍රොසොෆ්ට්‌ ආයතනය අගමැති රනිල් වික්‍රමසිංහ මහත වෙත එකඟත්වය පළ කොට ඇති බවට වාර්තාවේ.

ස්‌විට්‌සර්ලන්තයේදී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ අගමැති වික්‍රමසිංහ මහතා සහ එම සමාගමේ සභාපති පිලිපේ කෝර්ට්‌ස්‌ අතර පැවැති සාකච්ඡාවේදී අදාළ එකඟත්වය පළ කොට තිබේ.

මයික්‍රොසොෆ්ට්‌ සමාගම සතුව පවතින නවීන තාක්‍ෂණය භාවිතා කරමින් ඉහත කාර්යයන් සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට සහාය වන බව එම සමාගමේ සභාපතිවරයා මෙහිදී පවසා ඇති අතර ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ සිදුවන නව තාක්‍ෂණය පදනම් කරගන්නා කාර්යයන්හිදී තම සමාගමේ සහය මෙරටට ලබාදීමට සූදානම් බවද හෙතෙම පවසා ඇත.

ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් තාක්‍ෂණය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය දැනුම ලබාදීමටත් එම සමාගම මෙහිදී සූදානම් බව පවසා ඇති අතර ඒ සම්බන්ධව ඉදිරියේදී ශ්‍රී ලංකා රජයට පූර්ණ වාර්තාවක්‌ ද සපයනු බව මයික්‍රොසොෆ්ට්‌ සභාපතිවරයා වැඩිදුරටත් මෙහිදී එකඟ වී තිබේ.

Related posts

ජවිපෙ හා දෙමල සන්ධානය සමග එක් වන්නේ නෑ – රවුෆ් හකීම්

colombotoday

හිටපු ජනාධිපති නිල නිවසේ ස්වාධීන මන්ත්‍රීවරු සමග විශේෂ සාකච්ඡාවක්

colombotoday

වන්නි මෙහෙයුමේ සෙන්පතියන් විදේශයන්හිදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්…

colombotoday

කොළඹ නගරයේ ඉදිකිරීම් 150 ක් පමන අවදානම් තත්වයේ

Admin

බිරියන් 4යි… ළමයි 28යි… රුපියලක ආදායමක් නෑ, නඩත්තුව පල්ලියෙන් – උස් තාප්පයකින් වටවූ මීගමුවේ ගෙදරක වෙච්ච දෙයක් !

colombotoday

ලාබාලතම ලේඛකයා ලෙස ගිනස් ලෝක වාර්තාවේ නම තැබූ ලංකාවේ තනුක

colombotoday