අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන වැරදි සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ නීති පද්ධතිය මේ වනවිට ශක්තිමත් කර ඇතැයි තොරතුරු තාක්‍ෂණ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා.
එවැනි වැරදි සිදුකරන්නන්ට සිරදඩුවම්ද ලබාදිය හැකි බවයි කොළඹ ඊයේ (02) පැවැත් වූ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ.
එහිදී ඔහු පැවසුවේ “තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් සෙල්ලං කරන්න ආවොත් ලේසි වෙන්නෙ නෑ කියන දේ පිළිබඳව දැන් ජනතාව දැනුවත් විය යුතුයි. ෆේස්බුක් හැක් කරලා අහු වුනොත් හරි අවුරුදු 03 ක් දක්වා හිරේ යන්න වෙන තත්ත්වයට රට තුළ අද නීති රාමුව තද වෙලා තියෙනවා.” යනුවෙනි.