Colombo Today Local NewsCovid 19

දිවුලපිටියෙන් යාපනයට ආ සේවිකාවන් නිසා 22ක් PCR පරීක්ෂණයට

දිවුලපිටියේ ඇඟලුම් ආයතනයේ සේවය කල යාපනයේ කාන්තාවන් දෙදෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල පිරිස් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කල බවට යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය ටී.සත්‍යමූර්ති පවසා සිටියේය.

යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු අදාල ඇඟලුම් ආයතනයේ සේවය කොට නිවෙස් වෙතට පැමිණ ඇති බවට අනාවරනය වීමෙන් අනතුරුව ඊයේ සහ අද (05) දිනයන්හි අදාල කාන්තාවන් දෙදෙනා හා ඔවුන්ගේ පවුල් දෙකෙහි පුද්ගලයින් 22ක් පී.සී.ආර් පරික්ෂණයට යොමු කොට ඇති බවට වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පවසා සිටියේය.

එමෙන්ම අදාල පවුල් දෙකේ පිරිස් සමීපව ආශ්‍රය කරන ලද පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනය වීමට අවශ්‍ය උපදෙස් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ලබාදී ඇති අතරම එම පුද්ගලයින්ට කිසියම් ශාරීරික අපහසුතාවයක් හෝ අසනීප තත්වයන් පෙන්නූම් කරන්නේනම් ලඟම ඇති පොලීසියට හෝ සෞඛ්‍ය පරික්ෂක කාර්යාල වෙතට දැනුම් දෙන ලෙසටද දැනුවත් කොට ඇත.

Related posts

ලංකාවෙන් 32ක් ISIS ත්‍රස්තයන්ට එකතුවෙලා – අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

colombotoday

ඥානසාර හිමි වෙනුවෙන් හෝමාගම උසාවියට ආ මුස්ලිම් ජාතිකයා හඬගා කිවූ දේ (Video)

colombotoday

ටජිකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

තමිල්නාඩුවට පනින්න හැදූ CCD කොස්තාපල් පොලිසියට කොටු වෙයි

colombotoday

කොළඹ විශ්ව විද්‍යාලයට නව උප කුලපතිවරයෙක්

colombotoday

“ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ ඉල්ලීමට ආණ්ඩුව පයින් ගහලා” – මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday