Colombo Today Local News

දෑත් බැද මොට ආයුධයකින් පහරදී කුවේට්හිදී ලාංකික මවක් ඝාතනයට ලක්වේ

කුවේට්හිදී අබිරහස් ලෙස ඝාතනය කළ බව කියන ශ්‍රී ලාංකික කාන්තාවකගේ මෘත දේහය මෙරටදී අද පශ්චාත් මරණ පරීක්ෂණයට ලක්කෙරිණ.

kuwait

අනුරාධපුර, කැකිරාව ප්‍රදේශයේ පදිංචිව සිටි පනස් හැවිරිදි දෙදරු මවක් කුවේට්හිදී ඝාතනයට ලක් වූ බව සඳහන් වේ.

ඇය ගෘහ සේවය සඳහා විදේශ ගතවූයේ මිට වසර තුනකට පෙරදී ය.

මීගමුව මහ රෝහලේදි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරිණ.

මීගමුව මහ රෝහගේ හදීසි මරණ පරීක්ෂක වෛද්‍ය ජයන්ත වික්‍රමරත්න මහතා

“මේ මරණය සිද්ධවෙලා තියෙන්නේ කාන්තාවගේ දෙයත් බැදලා මොට ආයුධයකින් හිසට සහ පපුවට තදබල ලෙස පහර දීලා ඒ එක්කම තියුණු ආයුධයකින් පිහියක් වැනි උල් ආයුධයකින් ගෙලට විශේෂයෙන්ම ගෙලට මූණට සහ පපු ප්‍රදේශයට ඇනීම් සිදුකරලා ඒ කියන්නේ බහුවිධ තුවාල සිදුකරලා මේ මනුෂ්‍යඝාතනය සිදුවෙලා තියෙන්නේ”

මරණ පරීක්ෂණයෙන් අනතුරුව මේ කාන්තාවගේ දේහය ඥාතීන් වෙත භාරදීම සිදුකෙරුණේ අද පස්වරුවේදී ය.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පැවසුවේ දේහය ශ්‍රී ලංකාවට ගෙන ඒමට තම අමාත්‍යංශය මැදිහත් වූ අතර කුවේට් තානාපති කාර්යාල සමග එක්ව ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව ය.

Related posts

ගංජා සමඟ ඇල්ලූ සුමන්තිරන්ගේ රියැදුරාගේ සහෝදරයා බලෙන් නිදහස් කරලා

colombotoday

අධික වේගයෙන් ආ බසයක් බෝක්කුවක් අස්සෙ නවතී

Admin

පනත් කෙටුම්පත් සියල්ල අහෝසියි.. පාර්ලිමේන්තුව කල් තැබීමෙන් වෙන දේ මෙන්න

colombotoday

බිත්තරේට උපරිම සිල්ලර මිලක්

colombotoday

දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ අනුරාධපුර පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට.

colombotoday

රතන හිමිගේ අලුත් විප්ලවය හෙට ඇරඹෙයි !

colombotoday