Colombo Today Local News

තානාපති කාර්යාලයක නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා ඊයේ (27) විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අතර එහිදි දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන මහතාට සුබපැතීම සඳහා තානාපතිවරයා එලෙස පැමිණි බව ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරිනියක් සඳහන් කළාය.

අදාළ පරීක්ෂණ සඳහා තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය දෙන බව ද ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා එහිදි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පවසා ඇත.

Related posts

කොලොන්නාවේ පවුල් 18000ක් තවමත් අවතැන්.. ඔබේ උපකාර අවශ්‍යයි

colombotoday

ගන්දර පොලිස් ස්ථානයේ දී සැකකරුවෙකුට වෙඩි වදී

colombotoday

ඇමරිකානු තානාපති සමග සම්බන්ධන් රහස්‌ කතාවක

colombotoday

ඉන්ධන මිල සංශෝධනයට ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාවේ අනුමැතිය

colombotoday

මහ මැතිවරණයට අමෙරිකාවෙන් සුබ පැතුම්

colombotoday

NMRA දත්ත මැකීම : එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක්‍රියාකරුට ඇප

colombotoday