Colombo Today Local News

තවත් රක්ෂිතයක් විනාශ කරලා – නිලධාරීන්ගෙනුත් උදව් ලැබෙන බවට චෝදනා

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මායිමේ ඇති රත්මලේ රක්ෂිතයේ අක්කර 150කට අධික ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් එළිපෙහෙළි කර තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ එම දැවැන්ත වන සංහාරය වන සංරක්ෂණ නිලධාරීන්ගේ සහය ඇතිව සිදුවන බවය.

එම වන සංරක්ෂණ ගැන අදාළ අංශ වෙත පැමිණිලි කළ ද, මේ පිළිබඳ තවමත් අදාළ බලධාරීන්ගේ අවධානය යොමුව නොමැති බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

මාස ගණනාවක සිට යාන්ත්‍රික කියත් උපයෝගි කරගනිමින් මෙම වන සංහාරය සිදුකර ඇති බව වාර්තා වේ.

ඇතාබැඳි වැව, කඩවක යන ගම්මානවලට මායිම්ව පිහිටා ඇති එම රක්ෂිතයේ ඇති වීර, පළු, මෝර, කැටකෑල, දඹ, කෝන්, විල්ල වැනි වටිනා ශාක රැසක් කපා දමා පුළුස්සා ඇති බවත්, ඇතැම් ගස් දැවවලට ඉරා රැගෙන ගොස් ඇති බවත් ප්‍රදේශවාසීන් පෙන්වාදෙයි.

එම වන විනාශය පිළිබඳ අදාළ බලධාරීන්ගේ අවධානය යොමුනොවීම හේතුවෙන් වටිනා රක්ෂිතයක් විනාශ වීමේ තර්ජනයකට මුහුණ දී ඇති බවත්, මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමුකර විශේෂ විමර්ශයක් සිදුකර එම වටිනා රක්ෂිතය රැක දෙන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටී.

Related posts

විපක්ෂ නායකව ඇසුරු කළ 15කට රතු නිවේදනයක්

colombotoday

පුරාවිද්‍යා අධ්‍යක්ෂ පත් කරන්න ඇමතිට බලයක් නෑ – ඇමති විදුර කියයි

Admin

ලක්ෂ 63 සමග මහ පාරේ අරගල කරනවා…

colombotoday

‘සොජිට්ස්’ බලාගාරය අක්‍රීය වෙයි. ඉන්ධන නෑ

colombotoday

දරුවන්ට අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණයක්

Admin

ජනපති පෞද්ගලික සංචාරයකට සිංගප්පූරු යයි

colombotoday