Colombo Today Local News

තවත් මුස්ලිම් දොස්තර කෙනෙක් ගැන බදුල්ලෙන් පැමිණිළි… සිසේරියන් සැත්කමෙන් පසු දරුවන් නෑ…

බදුල්ල මහ රෝහලේදී මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු විසින් සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු නැවතත් තමන්ට දරුඵල නැතැයි පවසමින් මවුවරුන් දෙදෙනෙකු පසුගිය සිකුරාදා (31) බදුල්ල මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර තිබේ.

බදුල්ල කැන්දගොල්ල පදිංචි තිස්තුන් හැවිරිදි මවක සහ පස්සර කොටමුදුන පදිංචි වයස අවුරුදු තිස්අටක මවක විසින්  මෙසේ බදුල්ල මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂ එම්.එච්. උපුල් ඉන්දික කරුණාරත්න මහතාට මෙසේ පැමිණිලි  ඉදිරිපත් කරනු ලැබ තිබේ.

2012.02.23 – 2015.01.31 අතර කාලයේදී බදුල්ල මහ රෝහලේ සේවයේ යෙදී සිටි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා එම කාලය තුළ තමන් සිසේරියන් සැත්කමට භාජන කළ බවත් එතැන් සිට මේ වනතුරු තමන්ට නැවතත් දරුඵල නොමති බව පවසමින් මෙම මවුවරුන් ඉදිරිපත් කළ පැමිණිලිවල  සඳහන් වෙයි.

මෙම තත්ත්වය මත බදුල්ල මහ රෝහලේ මෙවැනි පැමිණිලි භාරගැනීමට වෙනම කාර්යාලයක් විවෘත කළ බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

ada.lk

Related posts

බදුල්ල චෙන්කල්අඩි පාර වසා විරෝධයක්. මගින් දැඩි අපහසුතාවට

colombotoday

මේ කොරෝනාට වඩා ඒ කොරොනාව භයානකයි. – වන්නිල ඇත්තන්ගෙන් ඔවදනක්

colombotoday

ඉරිදා සහ පෝයට උපකාරක පන්ති නැවැත්වීමට නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි

colombotoday

භාණ්ඩ හයක මිළ පහතට !

colombotoday

එජාපය සජිත්වාදීන් පන්නයි

colombotoday

එක්නැලිගොඩ ගැන අහන්න බුද්ධි අංශ නිලධාරිනියකුත් මුල්වරට CID කැඳවයි

colombotoday