Colombo Today Local News

බින්ලාඩන් ඝාතනයේදී නිහඩව සිටි ජිනීවා කවුන්සිලය අපේ හමුදාවට චෝදනා කිරීම ප්‍රශ්නයක් !

ඇමරිකානු නාවික හමුදාව බින්ලාඩන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය කිසිදු පියවරක්‌ නොගත් නමුත් බිහිසුණු ත්‍රස්‌තවාදීන් කණ්‌ඩායමක්‌ විනාශ කළ ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීම ප්‍රශ්නයක්‌ බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (23 දා) මානව හිමිකම් කවුන්සිලයේ මහා සභාව අමතා ප්‍රකාශ කළේය.

මෙහිදී ඇමරිකාව ප්‍රමුඛ විදේශ තානාපතිවරු වීරසේකර මහතාගේ දැඩි ප්‍රකාශය ගැන පිටුපසට හැරී බලා සිටියහ.

ජිනීවා යෝජනාව මෙහිදී ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය අවතක්‌සේරු කිරීමක්‌ යෑයි චෝදනා කළ ඒ මහතා මේ යෝජනා දේශපාලන චෝදනාවක්‌ යෑයි තරයේ කියා සිටියේය.

ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට සොල්දාදුවන් 29,000 ක්‌ දිවිදුන් බව අමතක නොකරන ලෙස හෙතෙම පැවැසීය.

ඒ මහතාගේ දේශනය ව්‍යර්ථ කිරීම සඳහා ඊළාම් ඩයස්‌පෝරාව දැඩි උත්සාහයක්‌ ගනු ලැබීය.

අනතුරුව ඊළාම්වාදී සංවිධාන 5 ක ප්‍රධානීහු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතු බව මහා සභාව වෙත ප්‍රකාශ කළහ.

කීර්ති වර්ණකුලසූරිය

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහා සභාව ඇමතු අවස්ථාව.

සභාව ඇමතීමෙන් අනතුරුව අදහස් දක්වමින්
[fbvideo link=”https://www.facebook.com/GlobalSriLankanForum/videos/1844887542392338/” width=”400″ height=”400″ onlyvideo=”1″]

Related posts

තෝරන් බස් අරගෙන නුවරඑළියේ ගියොත් ඉදිරියේදී වෙන්න යන දේ

colombotoday

රාජිතගේ තවත් කෙරුවාවක් එළියට ! (Video)

colombotoday

පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට

colombotoday

රජය හා පොලිසිය ගැන ජනතාවගේ විශ්වාසය සීග්‍රයෙන් ඉහළ යනවා – ඇමති සාගල

colombotoday

සහල් කන්ටේනර් 500 ක් වරායේ හිර වෙලා

colombotoday

මනූෂ මිලියන දාහක් ඉල්ලයි…

colombotoday