Colombo Today Local News

තවත් මාව විවේචනය කළොත් ෆීල්ඩ් මාර්ෂල්කමත් අයින් කරනවා – ජනපති-ෆොන්සේකා ගැටුම උග්‍ර අතට…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර පවතින ගැටුම තවදුරටත් උග්‍රවී ඇති බව පුවත්පතක් වාර්තා කරයි.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තවදුරටත් තමාව විචේනය කළහොත් ඔහුගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත් කරන බවට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් දෙදෙනෙකුට ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ෆොන්සේකා මහතා විසින් දැඩිලෙස විචේනය කරමින් සිටින අතර ඔහුට අමාත්‍ය ධුරයක් ලබානොදෙන මතයේ ජනාධිපතිවරයාද දිගින් දිගටම සිටින බව පෙනෙන්නට ඇත.

සරත් ෆොන්සේකා සහ පාලිත රංගේබණ්ඩාර මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබානොදෙන බවද ජනාධිපතිවරයා යළිත් වරක් පවසා තිබේ.

එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් වන කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම මහත්වරුන් ජනාධිපතිවරයා හමුවී සරත් ෆොන්සේකා සහ පාලිත රංගේබණ්ඩාර මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, එහිදී ද ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

එමෙන්ම ඉතිරිව ඇති අනිකුත් නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍ යධුර සංඛ්‍යාව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇති අතර, ඒ තනතුරු සඳහා වන අමාත්‍යවරුන් ඉදිරි දින කිහිපය තුළ දිවුරුම්දීමට නියමිත බවද වාර්තාවේ.

ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත්කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පර්ලමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාගෙන් එම පුවත්පත කළ විමසීමේදී ඔහු කියා සිටි ඇත්තේ තමන් තර්ජන ගර්ජනවලට බිය නොවන බවයි. තමාට අමාත්‍යධුරයක් ලබාදීම සම්බන්ධයෙන් කබීර් හෂීම් ඇමතිවරයා සහ මලික් සමරවික්‍රම ඇමතිවරයා ජනාධිපතිවරයා සමග සාකච්ඡාකළ බව ඔවුන් පැවසු බවද ෆොන්සේකා මහතා පවසා ඇත.

ෆොන්සේකා මහතා තවදුරටත් ජනාධිපතිවරයාව විචේවනය කළහොත් ෆීල්ඩ් මර්ෂල් ධූරය ඉවත්කරන බවට ජනාධිපතිවරයා ඔවුන්ට පැවසා ඇති බවද ෆොන්සේකා මහතා සඳහන් කළේය.

Related posts

රටෙි මීළඟ නායකයා විහිලු කාරයෙක් නොවිය යුතුයි – දර්ශනය ඇත්තේ රනිල් වික්‍රමසිංහටයි

colombotoday

අනුෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට

colombotoday

ඊයේ තැබූ වාර්තාව අද කඩයි.. ඩොලරය තවත් ශත 96කින් නගී.. 160 සීමාව පනී…

colombotoday

පොහොට්ටුව දිනලා ඉවරයි – අගමැති සටන ඇත්තේ අනුශූරයා වීමටයි. – බැසිල් රාජපක්ෂ

colombotoday

දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

කුඩු සල්ලි, දුරකතන 10 සමග සංජීවගේ ගෝලයක් අල්ලයි

colombotoday