Colombo Today Local News

තවත් නාකොටික් නිලධාරියෙකු අත්අඩංගුවේ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු 17 වන සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රාගමදී ඊයේ (07)දින අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහායදීමේ චෝදනා එල්ලව තිබියදී පොලිසියෙන් වසන් වී සිටි මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයා ඊයේ දහවල් කඩවත පොලිසියට පැමිණ භාර විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලබාගත් පැය 72 ක රැඳවුම් නියෝග මත මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් පවති.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොල්ලුපිටියෙන් නිවාස බලයි?

Admin

සුඛෝපභෝගී බස්රථයක් කුඹුරකට කරනම් ගහයි

colombotoday

මොසම් වැසි තවදුරටත්… බෙංගාල බොක්ක හරහා සුළි කුණාටුවක්

colombotoday

බදු ඉවත් කළහොත් අයි.එම්.එෆ් සමඟ ගිවිසුම්ගතවීමට නොහැකි

Admin

කියපු විදියට බඩු මිල අඩුවෙන්නේ නෑ

Admin

පෞද්ගලික ආරවුලකට පියා ගේ මෝටර් රථය පුතා හප්පයි

Admin