උපකාරක පන්ති ස`දහා අනුරාධපුර නව නගරයට පැමිණ, නගරයේ විවිධ ස්ථානයන්හි රස්තියාදුවේ යමින් හා පෙම්සුව විදිමින් සිටි උසස් පෙළ සිසු සිසුවියන් සහ අවකල් ක්රියාවේ නිරතවූ කාන්තාවන් ඇතුළුව 33 දෙනෙකු අනුරාධපුර නගරයේදී සිදුකල විශේෂ මෙහෙයුමකදී පෙරේදා (02දා* අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අනුරාධපුර නව නගරය දහයියාගම හංදිය අනුරාධපුර ආවරණය වන අන්දමින් සිදුකල මෙහෙයුමේදී උසස් පෙළ අමතර පන්තිවලට පැමිණ අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව ආසන්නයේ පිහිටි නිවාඩු නිකේතනවල පෙම්සුව වි`දි පාසල් සිසු සිසුවියන් හය දෙනෙකු උපකාරක පන්ති නොයමින් විවිධ ස්ථානවලටවී කාලය ගතකල උසස් පෙළ සිසුන් 18 දෙනෙකු මත්ද්‍රව්‍ය අලවියේ හා කප්පම් ගැනීම්වල නිරත වන බවට සැකකරන පෙත්තා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයා හා ආයුර්ෙවේද සම්භාහන
මධ්‍යස්ථානවල සේවයේ නියුතු වෙමින් අවකල් ක්රියාවේ නිරතවූ බවට චෝදනා ලැබූ කාන්තාවන් අට දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබුණි.
පිට පළාත්වල සිට අනුරාධපුර නව නගරයට අමතර පන්ති ස`දහා පැමිණෙන සිසුන් මත්ද්‍රව්‍ය ඉරීමට හා වෙනත් අපචාරවලට යොමුවී තිබෙන බවටත් ඇතැම් තරුණයන් මත්කුඩු ඉරීම ස`දහා මුදල් උපයා ගැනීමට වෙනත් සිසුන්ගෙන් කප්පම් ගන්නා බවටත් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට තොරතුරු ලැබීම නිසා හදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.
අත්අඩංගුවට ගත් උසස් පෙළ සිසුන් බොහෝ දෙනෙකු තව නොබෝ දිනකින් පැවත්වෙන උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානම්වන බවත් ඔවුන් දෙමාපියන්ට අමතර පන්ති පැමිණෙන බව පවසා අනුරාධපුර නගරයට පැමිණ පෙම්සුව විදීමට නිවාඩු නිකේතන වලට ගොස් සිටි පවත් පොලිසිය පවසයි.
පෙත්තා නමින් හදුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුත් වැටලීමේදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබු අතර ඔහුට සිය අනන්‍යතාව ඔප්පුකර ගැනීම ස`දහා කිසිදු ලේඛනයක් සන්තකයේ නොතිබුණු බවත් මෙම සැකකරු අනුරාධපුර නගරයට අමතර පන්ති පැමිණෙන සිසුන්ට මත්ද්‍රව්‍ය අලවි කිරිම හා දුර බැහැර සිට අනුරාධපුරයට අමතර පන්ති සදහා පැමිණෙන සිසුන් බිය ගන්වා කප්පම් ගන්නා බව පොලිසිය පවසයි.මිහින්තලේ
– රංග චතූ