World

ජේඩ් පතලේ අනතුරින් පුද්ගලයන් 160ක් මියයි

මියන්මාරයේ ජේඩ් පතලක් නායගොස් සිදු වූ අනතුරින් පුද්ගලයන් 160 දෙනෙක් මියගොස් තිබේ.

අනතුරින් තවත් 54 දෙනෙකුට තුවාල සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අධික වර්ෂාවත් සමග මියන්මාරයේ උතුරුදිග ප්‍රදේශයේ පිහිටි ජේඩ් පතලක් නායයෑමෙන් අනතුරක් සිදුවිය.

අනතුර සිදුවූ අවස්ථාව කැමරාවක සටහන්ව තිබුණි.

පතල් සේවකයන් රැසක් නායයෑමට හසු වූ අතර ඔවුන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙයි.

මේ දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී මියගිය පතල් සේවකයන්ගේ සිරුරු 160ක් හමු වී තිබුණි.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 50කට වැඩි පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබේ.

තවත් පතල් සේවකයන් රැසක් මඩවලට යට වී සිටින බවට සැක පලකරයි.

අධික වර්ෂාවෙන් සෝදිසි මෙහෙයුම්වලටත් බලපෑම් එල්ලවී තිබේ.

ලොව විශාලතම ජේඩ් නිධිය පිහිටා තිබෙන්නේ මියන්මාරයේයි.

එරට ජේඩ් පතල් ආශිත්‍රව නිරන්තරයෙන්ම අනතුරු වාර්තා වෙයි.

Related posts

මුස්ලිම් කණ්ඩායමක් පකිස්ථානයේ ක්‍රිස්තියානි ගමකට පහර දී කොල්ල කති. කාන්තාවන්ටත් අඩත්තේට්ටම් කරලා.

colombotoday

එතනෝල් ප්‍රවාහන දුම්රියක් ගිනි ගනී

Admin

ඉම්රාන් ඛාන්ට වසර පහක් රජයේ නිලතල දැරීම තහනම්

Admin

නවසීලන්තයේ තවත් ප්‍රබල භූ කම්පනයක්

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

කොරෝනා පාලනයට ජර්මනිය හමුදා සොල්දාදුවන් 15000ක් කැඳවයි

colombotoday