ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධ යෝජනාව ලබන 7 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
එදිනම එය ඡන්ද විමසීමකට යොමුකර සම්මත කරගැනීමට අපේක්ෂා කරන බවත්, අනතුරුව හැකි ඉක්මනින් ජාතික ආණ්ඩුව ස්ථාපිත කරන බවත් හෙතෙම කියා සිටී.
ඇමතිවරයා මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.