Colombo Today Local News

ජම්බෝ පීනට් මිනිස් පරිභෝජනයට නුසුදුසුයි… පාරිභෝගිකයන්ගෙන් පැමිණිළි…

අංක: 69 ශ්‍රී ජිනරතන පාර, කොළඔ 02 ස්ථානයේ පිහිටි රේණුකා shaw wallace සිලෝන් ලිමිඩඩ්  ආයතනය මගින් බෙදාහරිනු ලබන ජම්බෝ රට කජු (Jumbo Peanut) මිනස් පරිභෝජනයට නුසුදුසු බව පාරිභෝගිකයෙකු විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි කර තිබෙනවා.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මගින් එම පැමිණිල් ඉදිරිපත් කර ඇත්තේ බොරලැස්ගමුවේ පදිංචි විශ්‍රාමික බැංකු නිළධාරියෙකු විසිනි. එම පැමිණිල්ලේ සදහන් කර ඇත්තේ තමන් මිලදී ගත් ජම්බෝ පීනට් පැකට්ටුව පුස්කා ඇති බැවින් එය මිනිස් පරිභෝජනයට නොසුදුසු බවයි. ඔහු විසින් ඉල්ලා සිටින්නේ ඒ පිළිබදව සොයා බලා අදාල සමාගමට නීතිය  ක්‍රියාත්මක කරන ලෙසයි.

අප මේ පිළිබද පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසූවේ තමා මේ පිළිබදව අදාල ආයතනයට දැනුම් දුන්නද පාරිභෝගිකයා නොසලකා හරිමින් ඔවුන් කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබදව පාරිභෝගික කටයුතු අධිකාරියට ලිඛිතව පැමිණිලි කර ඇති බවත් අදාල සමාගම මේ පිළිබදව නිසි ලෙස කටයුතු නොකරන්නේ නම් එම සමූහ සමාගමේ නිෂ්පාදන හා සේවාවන් වර්ජනය කිරීම සදහා පාරිභෝගිකයින් දැනුවත් කිරීමට තම සංවිධානය කටයුතු කරන බවයි. මෙරට පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව හා වසංගත නොවන රෝග වලින් මිය යන සංඛ්‍යාව සීග්‍ර ලෙස වැඩි වන නිසා එසේ කිරීමට තම සංවිධානයට සිදුවන බවයි.

Related posts

දියර පොහොර භාවිතයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උපදෙස් පිළිපදින්න

colombotoday

අත්තනගල්ලේ නීතිඥයකුට ට පහරදුන් නීතිඥවරුන් පිරිසට ඇප

Admin

නව පොලිස්පති වැඩ භාරගනී

colombotoday

එල්ලුම්ගහ සක්‍රිය කිරීමට යුරෝපා සංගමය එරෙහි වෙයි

colombotoday

මෙවර ජයග්‍රහණයෙන් පසු එජාපය වසර 25කට සොලවන්න දෙන්නේ නෑ

colombotoday

පාර්ලිමේන්තුවේ ගුටි කෙළියෙන් මන්ත්‍රීවරයෙකුට තුවාලයි.. වහාම රෝහල්ගත කරයි

colombotoday