ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයෙකු වන අයිදුරුස් මුහම්මද් ඉල්යාස් මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඔහු මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ ඔහු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පුත්තලම මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
මියයන විට මුහම්මද් ඉල්යාස් මහතා 78 වන වියේ පසු විය.
චන්ද්රිකා බණ්ඩාරණායක කුමාරතුංග රජය සමයේ යාපනය දිස්ත්රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකු ලෙසද ඔහු කටයුතු කර තිබුණි.