නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ධුරය දැරූ රිෂාද් බදියුදීන් ඇමතිවරයාට මෙවර එම අමාත්‍යාංශයට අමතරව සමුපකාර අමාත්‍යාංශයද බාර දී තිබෙන අතර, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම යනුවෙන් තවත් වගකීමක්ද ඊට ඇතුළත් කර ඇත.
යුද්ධයෙන් අවතැන්වූවන් පදිංචි කරන මුවාවෙන් විල්පත්තු වනාන්තර කළාපය විනාශ කර ජාතිවාදී පදනමෙන් මුස්ලිම් මුස්ලිම් ජනතාව එහි පදිංචිකරවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා බරපතල චෝදනාවකට ලක්ව සිටිද්දී, නැවත පදිංචි කිරීමේ විෂය ඔහුට බාරදීම විශේෂත්වයකි.