Colombo Today Local News

ජනපති නියෝගයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි සේවයේ පිහිටුවයි…

සේවය අත්හිටුවන ලද බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි ආරක්ෂක කටයුතු පිළිබදව උපදේශකවරයා වන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යළි සේවයේ පිහිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නියෝග කර ඇත.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගෙන් කිසිදු කරුණු විමසීමක් නොකොට ඔහුගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට ජනාධිපතිවරයා දොස් නගා ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ එසේ බ්‍රිගේඩියර්වරයාගේ සේවය අත්හිටුවීමෙන් පසුව ඔහු සිවිල් වැසියකු බවට පත්වන බවත්, එබැවින් ඔහු බ්‍රිතාන්‍ය පොලිසියේ අත්අඩංගුවට පත්වූයේ නම් එය රාජතාන්ත්‍රික ගැටලු දක්වා දුර යා හැකිව තිබූ බවයි.

බ්‍රිගේඩියර්වරයා සේවයෙන් පහ කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය ගත් තීරණය එරෙහිව සමාජ ජාලා ඔස්සේ රජයට දැඩි විරෝධයක් එල්ල විය.

Related posts

අරාබි රට වලට කසළ තේ යැවීමේ ජාවාරම පිටුපස නැව් සමාගමක ලොක්කෙක්

colombotoday

69 ලක්‍ෂකට අද ටේප් පටි අරන් පොල් ගන්න යන්න වෙලා.. බොහෝ වියත් ආකාරයෙන් ජනතාවට සලකන බව පේනවා..

colombotoday

රාජිත රිමාන්ඩ්

colombotoday

කිලෝ 5කට අධික කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

හමුදාපතිට ඇමරිකාවෙන් පැනවූ තහනම අපි අගය කරනවා – TNA

colombotoday

දහම් පාසල් විෂයමාලාව සංශෝධනයට සැලසුම්

Admin