Colombo Today Local News

ජනපති ඝාතන කුමන්ත්‍රණය : පොලිස්පතිගේ කටහඬ ගැළපේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණයට අදාළව දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා ලබාදුන් හඬ පටයේ තිබූ කටහඬ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ බව රජයේ රස පරීක්ෂකවරයා සිදු කළ විමර්ශනයෙන් තහවුරු වී ඇත.

මෙම කටහඬ සාම්පල් වාර්තාව රජයේ රස පරීක්ෂකවරයා විසින් කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉකුත් සතියේ භාරදී තිබේ.

මේ අතර මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් දෙවැනි දිනටත් පෙරේදා (17 වැනිදා) පැය තුනක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.

මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ඉකුත් වසරේ නොවැම්බර් මස 25 වැනිදා ද පොලිස්පතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබිණි.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට අදාළව හඬපට 23 ක් දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබිණි.

මෙම හඬපටවල ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ කටහඬ සටහන් වී තිබිණි.

මෙම කට හඬපට තහවුරු කිරීමට මීට පෙර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ ද කටහඬ සාම්පල් පරීක්ෂා කිරීමට රස පරීක්ෂකවරයා කටයුතු කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ නාමල් කුමාර නමැත්තා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට හඳුන්වා දී තිබුණේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් බවයි.

Divaina

Related posts

“කොළඹ බල්ලන් දහසය දාහක් විතර ඉන්නවා.. ගවයෝත් දෙදාහකට වැඩියි” – ඇමති චම්පික

colombotoday

රනිල් වික්‍රමසිංහත් බන්ධනාගාර ගත වෙයිද?

colombotoday

ශ්‍රීලංකන් ගුවන් සේවයේ දෙන කජු බල්ලෙකුටවත් කන්න බැහැ – ජනාධිපති

colombotoday

තැපෑලෙන් ආ කෝටි 13කට අධික දකුණු ආසියාවේ විශාලතම මත් පෙති තොගය ශ්‍රී ලංකා රේගු භාරයට

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් පලා යෑම වැළැක්වීමට ඉන්දියාවෙන් විශේෂ මෙහෙයුමක්…

colombotoday

තලාව ප්‍රදේශයේ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

Admin