Colombo Today Local News

ජනපති ගෝඨාභයගේ ප්‍රථම නිළ සංචාරය අද ඉන්දියාවට – ඇමතිවරු කිසිවෙක් නෑ. නිලධාරින් පමණයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය පරිදි දෙදින රාජ්‍ය චාරිකාවක් සඳාහා අද (28දා) දහවල් ඉන්දියාව බලා පිටත් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ චාරිකාවේ දි ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා හමුවන අතර ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු නිරතවන ප‍්‍රථම විදේශ චාරිකාව මෙයයි.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් සජිත් ආටිගල, ජනාධිපතිවරයාගේ උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු ද චාරිකාවට එක් වෙති.

ඒ අනුව මෙම සංචාරය සඳහා රාජ්‍ය නිලධාරීන් පමණක් එක්ව සිටින අතර අමාත්‍යවරුන් සම්බන්ධ කරගෙන නොමැතිවීම විශේෂත්වයකි.

Related posts

බාල වයස්කාර මුස්ලිම් විවාහ නවතන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට !

colombotoday

අලුත්ම සමීක්ෂණයෙන් රනිල් එකට

Admin

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : 15 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

Admin

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි

Admin

ජවිපෙ ඉටුකරන්න යන්නේ බෙදුම්වාදීන්ගේ වුවමනාවයි. – මුසම්මිල්

colombotoday

අටුළුගමට ගොස් පැමිණි බලපිටියේ දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට

colombotoday