Colombo Today Local News

ජනපතිවරණයට දින 55 යි. ගැසට් නිවේදනය මෙම මස අගදී

මෙම මස 25 වැනිදාත් 30 වැනිදාත් අතර දිනයකදී ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කරනු ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ලබන 27 වැනිදා හෝ 30 වැනිදා අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනයේ නාමයෝජනා කැඳවීමේ දිනයත් ඡන්ද විමසීමේ දිනයත් ඇතුළත් වීමට නියමිතය.

නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස මැදදීද ඡන්ද විමසීම නොවැම්බර් මස අගදී සිදුකරනු ඇතැයිද වාර්තා වේ.

මෙම ගැසට් නිවේදනය නිකුත් වූ වහාම තැපැල් ඡන්ද ඉල්ලූම්පත් කැඳවීමට ද මැතිවරණ කොමිසම සූදානම් වේ.

මැතිවරණ පනතට අනුව ජනපති මැතිවරණයක් පැවැත්විය හැකි අවම දින ගණනකදී මෙවර ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

ඒ අනුව ජනපතිවරණය ප‍්‍රකාශයට පත්කරන ගැසට් නිවේදනය නිකුත් කර දින 55 කට ආසන්න කාලයකදී මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇතැයිද මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සිංහලේ එලවන්න, අසාත් සාලි පොලීසියට අණදුන් හැටි (Video)

colombotoday

කළුතර වෙරලේ ආලෝකය නිකුත් කරමින් අත්භූත වස්තුවක්

Admin

කොළඹ දූවිල්ල පෙබරවාරි මැද තෙක්

colombotoday

අයවැය විවාදයට පාර්ලිමේන්තුව රැස් වෙන්න කෝටි 20ක් ගිහින්

Admin

බටහිර පර්යන්තය ඉන්දියානු රජය සමග සංවර්ධනයට තීරණයක්

colombotoday

කෝටි 80ක තහනම් භාණ්ඩ රේගු භාරයට

colombotoday