Colombo Today Local News

ජනපතිගේ තවත් තීරණයක් පොලිස් කොමිසම අත්හිටුවයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ලබාදි තිබූ ස්ථාන මාරුව වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසම විසින් අවලංගු කර තිබේ.

ඒ අනුව ඔහු හෙට සිට යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

අපරාධ රැසක් පිළිබද විමර්ශන මෙහෙයවූ නිලධාරීවරයා වන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා මේ වනවිටත් සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීම,  පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීම, මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දීම ඇතුළු බරපතල අපරාධ සම්බන්ධ විමර්ශන මෙහෙයවමින් සිටියේය.

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එල්ටීටීඊය විසින් කරල අලද අපරාධ 60ක පමණ විමර්ශන සිදුකරනු ලැබ අපරාධකරුවන් නීතිය ඉදිරියට ඉදිරිපත් කර ඇති පොලිස් නිලධාරියෙකි.

 

Related posts

පෙරටුගාමීන් – ජවිපෙ පොළොන්නරුවේදී ගුටි ඇණගනී, තුනක් රෝහලේ

colombotoday

දෙවැනි නිවාඩුවත් ළගයි වගේ පේනවලු.. සටහනක් තබා, ගම්මන්පිල පොලීසි යයි !

colombotoday

තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවතට

colombotoday

උතුරු කොරියානු නායකයා හමුවීමට ඩොන්ල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරුවට

colombotoday

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්ගෙන් ජනපතිට සහතිකයක්

Admin

අවුරුදු 60 සම්පූර්ණ වූ සේවකයින් 300ක් සේවයේ රදවා ගන්න දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර

Admin