Colombo Today Local News

“ගොඩක්ම දුප්පත්නම් 15000ක් දෙනවා” අනුර කුමාර පොරොන්දු වෙයි

විදුලිබිල, ඉන්ධන හා ආහාර මිල අඩු කිරීම සඳහා සැලසුම් සකස් කර අවසන් බවත් ඒ අනුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් පත්වී ඉතා කෙටි කාලයක් තුළ විදුලි බිල, ඉන්ධන හා ආහාර මිල අඩු කරන බවත් ජාතික ජනබලවේගයේ නායක, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

විදුලි බිල තුනෙන් එකකින් අඩු කළ හැකි බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ආර්ථිකය ගොඩනගා එහි ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන එනතෙක් ජනතාවට සහන ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කර අවසන් බවද හෙතෙම කීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති ජාතික ජනබලවේගයේ ජාතික කාන්තා සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා පැවසුවේ පාසල් පද්ධතිය තුළ ඇති විෂමතාව ඉවත් කර, සෑම දරුවෙකුටම අධ්‍යාපන ලැබිය හැකි ලෙස පාසල් පද්ධතිය සංවර්ධනය කරන බවත් ඒ අනුව පාසලක් සඳහා දරුවෙකුට යා හැකි උපරිම දුර කිලෝමීටර් 3ක් බවට පත් කරන බවයි.

වැඩිදුරටත් දැක්වූ අදහස්

“රට පෝසත් වුණාම ආණ්ඩුව පෝසත් වෙනවා, ආණ්ඩුව පෝසත් වුණාම රටේ මිනිස්සු පෝසත් වෙනවා. මේ රට ගොඩගන්න කල් අපි ජනතාවට ආහාර දෙන්න ඕන. රට ගොඩනගලා ඒකේ ප්‍රතිලාභ ගලාගෙන වනකල් ගෙදර උයන්න එපා කියන්න අපිට බෑනේ. රට සංවර්ධනය වෙනකල් බෙහෙත් ටික ගන්න ඉන්න කියන්න බෑනේ. ඒ නිසා ආහාර ගන්න අසමත්, බෙහෙත් ගන්න අසමත්, දරුවන්ට උගන්වන්න අසමත් පවුල් ඉන්නවා නම් ඒ පවුලකට රට ගොඩගන්න කල් අවම රුපියල් 10,000ක දීමනාවක් ලබා දෙනවා. ගොඩක් අපහසුතා වැඩි නම් 15,000ක් ලබා දෙනවා. රට හදනකල් අපි ඒ අයට ශක්තියක් වෙන්න සූදානම්.”

Related posts

රියාජ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම වලක්වන්න යැයි ඉල්ලු අතුරු තහනම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේපයි

colombotoday

Blue Ocean Travel සමාගමෙන් පාරිභෝගික අයිතීන් සුරකීමේ සභාපතිට පොල්ලක්..

colombotoday

රනිල්ට ඉල්ලා අස්වෙන්නැයි චම්පික කියයි !

colombotoday

මඩකලපුවේදී මුස්ලිම් දෙදෙනෙක් දෙමළ දැරියන් දෙදෙනෙක් පැහැරගෙන හවුලේ කෙළෙසයි.. නඩු නෑ.. මඩකලපුවේ දැන් එහෙමයි

colombotoday

බීමත්ව රිය පදවන්නන් සෙවීමට අලුත් උපකරණ

colombotoday

“ඥානසාර හිමි ගෝඨාභයට” ලෙස අන්තර්ජාලයේ අසත්‍ය ප්‍රචාරයක්

colombotoday