Covid 19World

කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතිය

මැදපෙරදිග ධනවත් රටක් වන කුවේට් රාජ්‍යයටද මේ වන විට කොරෝනා භීතිය බෙහෙවින් දැනී ඇත. මේ වනවිට කොරෝනා රෝගීන් 180 පමණ වාර්තා වී ඇති අතර මරණ වාර්ථා වී නොමැත.

පෙරසිටම තත්වය පාලනය කිරීමට මහ ජනයා දැනුවත් කරමින් විශේෂ වැඩපිලිවෙලක් ගෙන ගිය කුවේටය, මේ වන විට සෑම දිනකම සවස 5 සිට අලුයම 5 වනතෙන් ඇඳිරිනීති කාල සීමාවක් පනවා ඇත. මෙහි විශේෂ කරුණ වන්නේ ලොව අන් කිසිදු රටක් නොකල අන්දමේ ඇඳිරිනීතිය කඩ කරන්න්නන් හට දෙනු ලබන දඩ මුදලයි. එනම් කුවේට් ඩිනාර් 10000 ක (ලංකා මුදලින් ලක්ෂ හැටකට ආසන්න) දඩයකුත් වසර තුනකට නොවැඩි සිර දඩුවමකුත් නියම කර ඇත.

මෙම දඬුවම් ඇඳිරිනීතිය කඩ කරන ඕනෑම අයෙකුට සැනින් ක්‍රියාත්මක කරන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත. එමෙන්ම එරට සේවයේ නියුතු ඕනෑම අයකු මෙම නීති කඩ කරන්නේ නම් ඔහු වහා පිටුවහල් කිරීමටද කටයුතු යොදා ඇත.

ඩොන් ශ්‍යාම්

Related posts

කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 6ක්

colombotoday

ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

colombotoday

අමෙරිකාව සහ කෙන්යාව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

Admin

පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ තවත් කොරෝනා ආසාදිතයින් 92 ක් හදුනා ගනී

colombotoday