Colombo Today Local News

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ පිළිබඳ විමසිලීමත් වන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

දිවයින අවට බස්නාහිර සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවති ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් , එම මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70ත් 80ත් පමණ ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

මෙම කාළගුණික වෙනස්වීම ඉදිරි පැය කිහිපයේ ද අපේක්ෂා කරයි.

Related posts

කඩුපහරකින් අවසන් වූ අසම්මත පෙම

colombotoday

ඇතැම් විමර්ශනවලට දේශපාලන බලපෑම් එල්ලවූ බව හිටපු පොලිස්පති කියයි

colombotoday

යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදාවට අනියුක්ත කරයි

colombotoday

‘ආවා’ කල්ලියෙන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්! නිවාස සහ වාහනවලට හානි!

colombotoday

ඉන්ෆ්ලුවෙන්සා රට පුරා !

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin