Colombo Today Local News

කරාටේ වසන්තට මරු කැන්දූ, මදාවි පුතෙක් ඉන්නා හිටපු මැර ඇමති කවුද?

1445735725karathebigඅනුරාධපුරයේ දී පසුගිය දා ඝාතනයට ලක් වූ ප්‍රසිද්ධ කරාටේ ශූර, සමාජශාලා හිමිකරු වසන්ත සොයිසාගේ ඝාතනයට හිටපු නමගිය දේශපාලකයෙකුත් හේතු වී ඇති බව වාර්තා පළවෙයි. වසන්ත සොයිසා 70 දශකයේදී එල්ලා මැරූ දාමරිකයෙකු වන කලැත්තෑවේ සොයිසාගේ පුතෙකු බව කියවෙයි. සටන් උපදේශකයෙකු ලෙස ප්‍රදේශයේ ජනප්‍රියව සිටි වසන්ත සොයිසා තම පියා නිසා තම පවුල කෙරෙහි ඇති වූ කැළලද මකා ගනිමින් සටන් උපදේශකයෙකුට පැවතිය යුතු විනය ආරක්ෂා කරමින් ජීවත් වූ බව ප්‍රදේශවාසීන් පවසති.

ඔහුගේ ජීවිත කතාව නරක අතට හැරෙන්නේ පසුගිය සමයේ දාමරික ක්‍රියාවලට නමගිය කුප්‍රකට ඇමතිවරයෙකුගේ සමීප වීමත් සමගය. වසන්ත සොයිසා මුලින්ම ‍කඩපනහ ප්‍ර දේශයේ හෝටලයක් ආරම්භ කර, මත්පැන් බලපත්‍රයක්ද ලබාගෙන ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යමින් සිටියදී එම හෝටලයට ආ ගිය එම ඇමතිවරයාගේ උපදෙස් සහ අනුග්‍රහය මත රාත්‍රී සමාජ ශාලාව ආරම්භ කර ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

පුවත් පිට පුවත් මැවූ මෙම ඇමතිවරයාගේ ක්‍රියාකලාපය පසුගිය ආණ්ඩුවේ නම විනාශ කිරීමට බෙහෙවින් ඉවහල් වී ඇති අතර එසමයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට පවා සම්බන්ධ පාතාලයන් පිරිවරාගෙන සිටි මොහු පසුව ආණ්ඩු පෙරළියත් සමග කරණමක් ගැසූ පුද්ගලයෙකු බවද කියවේ. මොහු සම්බන්ධයෙන් සමාජයේ වූ අපකීර්තිය හේතුවෙන්ම පසුගිය මැතිවරණයේ දී කිසිදු පක්ෂයකින් ඔහුට නාමයෝජනා පවා හිමි වූයේ නැතිබවද සදහන්. මොහු වැනිම පුවත් මැවූ නිතර සමාජශාලාවලට යන එන පුතෙකු ද සිටින මෙම හිටපු ඇමතිවරයාගේ උපදෙස් පරිදි පුජා නගරයකට නුසුදුසු රාත්‍රී සමාජ ශාලාවක් වැනි ව්‍යාපාරයක් නොඇරඹුවේ නම් වසන්ත සොයිසාට මෙවන් ඉරණමක් අත් නොවනු ඇති බවද ප්‍රදේශවාසීන් පවසනවා.

කෙසේ වෙතත් මේවන විට ඝාතනයට සැකපිට 8 දෙනෙකු පමණ අත්අඩංගුවට පත්ව ඇති අතර ඝාතන පරීක්ෂණවලට ප්‍රදේශයේ එක්තරා දේශපාලකයෙකුගෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බවද වාර්තා වනවා.

Related posts

ජනපතිගේ දිනක වියදම කෝටිය පනී.. අධ්‍යාපනයට බාගෙට බාගයක් කප්පාදුයි !

colombotoday

මදුෂ් එනතුරු ආරක්ෂක අංශ කටුනායක සීරුවෙන් – ගුවන් තොටුපල අවට ආරක්ෂාවත් දැඩි කෙරේ

colombotoday

තෙල් ටැංකි ඉන්දියාවට දුන්නොත් රටම නවතී.. තෙල් සේවකයන් සටනට සූදානම් !

colombotoday

Exclusive : බෝගස්වැවත් බදුර්දීන් යටතට – මුස්ලිම් ආක්‍රමණය නාමල්ගමින් ඇරබේ

colombotoday

ජනතාව හාල්, අල, ලූණු, පරිප්පු පරිභෝජනය කරන බව අමතක කල 2019 අයවැය ගල් අරක්කු අයවැයක්!

colombotoday

විශ්වාසභංගය ගැන ජනපති-අගමැති එකඟතාවයක් නෑ – මාධ්‍ය වාර්තා ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

colombotoday