Colombo Today Local News

ඕකනම් මූත්‍රා බොක්ක වෙන්න බෑ! කොළඹ වතුර ටැංකිය වෙන්න ඕන! – හිටපු ජනපති කියන අමුතු කතාව

පසුගිය දා ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීම අතරතුර නැගිටයාම සැලසුම් කළ නාට්‍යයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටී.

“ස්ක්‍රිප්ට් එක ලිව්වේ කවුද දන්නේ නැහැ. ජනාධිපති එනව. කෑගහනව. යනව. අගමැති තුමා යනව. මලික් සමරවික්‍රම යනව. රාජිත යනව. ගිහිල්ල එක්ක එනව. හරියට පොඩි කොල්ලෝ ගෙදරින් තරහ වෙලා යනව වගේ. ඊට පස්සේ ගිවිසුමක් ගහනව අපි දෙගොල්ලෝ බැනගන්න එපා කියල. මේ වැඩේට පැය බාගයක් විතර ගියේ ඇයි කියල ජනමාධ්‍යකරුවන් ඇහුව කියන්නේ මුත්‍රා කරන්න ගියා කියල. ඔය වැඩේට විනාඩි 30ක් විතර යනවනම් ඒක මුත්‍රා බොක්කක් නෙවෙයි, කොලඹ වතුර ටැංකිය වෙන්න ඕන”

යෑයි ඊයේ 18 කොළඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැලියක් අමතමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

Related posts

කෑම කඩේ ඇතුලෙ තිබ්බ කුඩු කඩයක් වටලයි

Admin

“පොහොට්ටුව කරපු වැඩේ සදාචාරසම්පන්න නෑ. පොහොට්ටුව එක්ක දැන් මොනවා සාකච්ඡා කරන්නද?” – දයාසිරි ජයසේකර

colombotoday

කොලොන්නාවේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

මසක් තුළ සිරකරුවන් 10,000 කට නිදහස

colombotoday

නීති විද්‍යාලයේ ගාස්තු වැඩි කළේ ඇයි? අයදුම්පත්‍ර කැඳවීම ගැටලුසහගතයි..

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත රිමාන්ඩ්…

colombotoday