Business

උපයනවිට ගෙවීමේ බද්ද ලබන මස පළමු වැනි දා සිට ඉවත් කෙරේ

උපයනවිට ගෙවීමේ බද්ද ඉවත් කිරීමේ සහනය ලබන මස පළමු වැනි දා සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ, ජනතාවට ලබාදුන් සහන පැකේජයට අනුව උපයන විට ගෙවීමේ බද්ද ඇතුළු සෘජු බදු සහන ලබන මස පළමු වැනි දා සිට ක්‍රියාත්මක බවයි.

ඒ අනුව මසකට රුපියල් 250,000 දක්වා ආදායම් උපයන විට ගෙවීමේ බද්දෙන් නිදහස් වන අතර 250,000 කට වඩා වැඩි ආදායම් උපයන්නන් ආදායම් බදු ගෙවීමට යටත් වේ.

මේ අතර වැට් බද්ද ඇතුළු වක්‍රබදු අඩු කිරීමේ සහනය පසුගිය පළමු වැනි දා සිට ක්‍රියාත්මක බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Related posts

තෙල් බැරලයක් ඩොලර් 30යි – ලොව පුරා තෙල් මිල පහලට

colombotoday

අල සහ ලූනු රු. 20 කින් ඉහලට

colombotoday

වැඩිමිලට අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවි කළ ආයතනයකට නඩු

colombotoday

නොමිළේ WIFI.. ගූගල් බැලුන්.. වලින් පසුව රටටම 4G දෙන්න මයික්‍රොසොෆ්ට් එයි

colombotoday

රන් මිල අඩු වෙයි

colombotoday

ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ට නගී

colombotoday