Colombo Today Local News

උතුරේ ආණ්ඩුකාරධුරය මහාචාර්ය නන්දන විජේසිංහටද ?

උතුර පළාත් ආණ්ඩුකාර ධූරයට යෝජනා වී සිටින ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් එය භාරගැනීම දැඩිව ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වෙයි. ආණ්ඩුව පාර්ශවයෙන් එම ආණ්ඩුකාර ධූරය භාරගන්නා ලෙස තවදුරටත් ඔහුට ඉල්ලීම් කරමින් පැවතියද එය භාරගැනීම මුත්තයියා මුරලිදරන් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

වාර්තා වන අන්දමට ඔහු පවසා ඇත්තේ ආණ්ඩුකාර ධූරයක් දැරීමට තරම් තමන් දේශපාලනයේ පැසුණු පුද්ගලයෙකු නොවන අතර විශේෂයෙන් උතුර හා බැඳී පවතින සමාජ, සංස්කෘතිකා කාරණා සමඟ ගැටීමට තමන්ට හැකියාවක් නොමැති බවයි. සමාජ, සංස්කෘතික කාරණා මත පදනම්ව උතුරේ ජනතාවද ඔහුව ප්‍රතික්ෂේප කරමින් සිටින බවද කියවෙයි.

මේ අතරවාරයේ ආණ්ඩුකාර තනතුර සඳහා නම් කීපයක් ඉදිරිපත් වී ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය නන්දන විජේසිංහ මහතාගේ නම අංශ ගණනාවකින් ම යෝජනා වී ඇත.

අවුරුදු ගණනාවක් තිස්සේ උතුරේ ජනතාවගේ හදවත් දිනා ගැනීම සඳහා සමාජ විද්‍යාත්මක ප්‍රවේශයකින් යුතුව විශිෂ්ට ගණයේ වැඩසටහන් දියත් කොට ඇති මහාචාර්ය නන්දන විජේසිංහ උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පත් එවන ලෙස සංවිධාන ගණනාවක වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.

පශ්චාත් යුද වාතාවරණයක් තුළ ජාතීන් අතර සංහිඳියාව අපි කරන ආකාරය පිළිබඳව මහාචාර්ය නන්දන විජේසිංහ විසින් අන්තර්ජාතික මට්ටමේ පර්යේෂණ ගණනාවක්ම සිදුකොට ඇත..

උතුරේ ජනතාවගේ ගැටලු පිළිබඳ සංවේදීතාවයක් ඇති මෙවැනි විද්වතෙක් පත් කර උතුරට එවීම කාලීන අවශ්‍යතාවක් බව යාපනේ සිට අප වෙත කතා කළ කීප දෙනෙක්ම කියා සිටියහ.

Related posts

රාමසාන් උත්සවයකට ගිය මන්ත්‍රී අලි සබ්ර් ජනතා විරෝධ හමුවේ තහඩු වැටකින් පැන යයි

colombotoday

අද සහ හෙට පාර්ලිමේන්තුව වැසේ : ආරක්ෂාවට සිටි STF කණ්ඩායමත් ඉවත් කරයි

colombotoday

ආණ්ඩුවේ දැනට කැබිනට් ඇමතිලා 47යි, රාජ්‍ය ඇමතිලා 20යි, නියෝජ්‍ය ඇමතිලා 25යි.. තව ඇමතිවරු මග එනවා

colombotoday

ව්‍යවස්ථා සම්පාදනය පස්සට දමා 13 බලාත්මක කිරීමේ තැතක් – මහා සංඝරත්නය නැවතත් අනතුරු අගවයි

colombotoday

පාතාලය සහ කුඩු රටෙන් තුරන් කරනවා

colombotoday

“හිමාලයා ප්‍රකාශනය” ජනපති අතට

Admin