Colombo Today Local News

ඉන්ධන ප‍්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමට මෙහෙයුම් තවදුරටත්.. නෞකාව සැතපුම් 12ක් ගොඩබිම දෙසට ළඟා වෙලා

අම්පාර, සංගමන්කන්ද තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයේ ගිනි ගනිමින් ඇති “M T ටී නිව් ඩයමන්ඞ්” ඉන්ධන ප‍්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ශී‍්‍ර ලංකා නාවික හමුදාව තවදුරටත් මෙහෙයුම්වල නිරත වනවා.

ඒ, ඉන්දීය නාවික හමුදාවේ සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ද සහය ඇතිවයි. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවේ, නෞකාවේ එන්ජින් කාමරයේ හටගෙන ඇති ගින්න තෙල් සංචිත ගබඩා කර ඇති ප‍්‍රදේශයට පැතිරගොස් නොමැති බවයි.

තෙල් සංචිත ඇති කොටසට ගින්න පැතිරීම වැළැක්වීම සඳහා තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මක කර ඇති බව ද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

නාවික හමුදාවේ නෞකා 03 ක්, වේග ප‍්‍රහාරක යාත‍්‍රා 02 ක්, ඉන්දියානු නාවික හමුදාවට සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා 02 ක් සහ තවත් යාත‍්‍රා 03 ක් ගින්න මැඩ පැවැත්වීමේ මෙහෙයුම් සඳහා එක්කර තිබේ.

මේ අතර, මෙම නෞකාවේ ගින්න තෙල් සංචිත ඇතුළත් කොටසට පැතිර ගොස් තෙල් කාන්දුවක් සිදු වුවහොත් ගතයුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිිටින බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.

එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර පැවසුවේ අදාළ නෞකාව ඊයේ (03) දිනයේ පැවති ස්ථානයේ සිට සැතපුම් 12 ක් පමණ ගොඩබිම දෙසට ළඟා වී ඇති බවයි.

මේ අතර අදාළ නෞකාවේ සිටි අතුරුදහන් වූ බවට පැවසුණු පිලිපීන ජාතිකයා මිය ගොස් ඇති බව තහවුරු වී තිබේ.

Related posts

වැලිකන්ද ගිනියම් වෙයි.. පොලීසිය මඩකලපු පාර වසයි.. පාර අරින තුරු දුම්රිය මාර්ගයත් වැසේ

colombotoday

කැබිතිගොල්ලෑවේ කුපිත වූවන්ගෙන් පහර කෑ පොලිස් සැරයන්වරයා මරුට

Admin

Video: මහින්දගේ සාටකෙන් වැටිච්ච උන් මෛත්‍රීගේ සරම අස්සේ. මෛත්‍රිපාල ජනාධිපති තුමනි, පුලුවන්නම් අපිව එල්ලලා මරපන් – හරීන් ප්‍රනාන්දු

colombotoday

රිෂාඩ්ව නිදහස් කරන්නැයි පාක්ෂිකයන් හත් අට දෙනෙකුගෙන් විරෝධතාවයක්

colombotoday

පාස්‌කු ප්‍රහාරයට ISIS සම්බන්ධය ගැන ලංකා රජය ඉරාකයෙන් මුකුත් අහලා නැහැ

colombotoday

“මේ රටේ අසාර්ථකම පාලනය රනිල් -මෛත්‍රී පාලනයයි” – අනුර කුමාර

colombotoday