Colombo Today Local News

“ඉන්දියාවේ මෙන් ප්‍රාන්ත බලයක් ඕන… ඉඩම් පොලිස් බලතලත් ඕන“ විග්නේශ්වරන් මස් රාත්තලම ඉල්ලයි

vigneshvaranදෙමළ ජනතාවගේ ජාතික ගැටළුවට ඒකීය රාජ්‍ය සංකල්පය තුළින් විසදුමක් නොළැබෙන බවත්, ඉන්දියාවේ මෙන් ප්‍රාන්ත බලයක් තමන්ට අවශ්‍ය බවත් උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන්ගේ මූලිකත්වයෙන් පිහිටුවාගත් දෙමළ ජාතික සභාව පවසනවා.

දෙමළ ජනතාවගේ ගැටළු සදහා දේශපාලන විසදුමක් ලබා ගැනීම සදහා යෝජනාවලියක් ඔවුන් විසින් ඊයේ එළිදක්වනු ලැබූ අතර එමෙන්ම පොලිස් සහ ප්‍රාන්ත බලය පළාත් සභාවට ලබා දිය යුතු බවත් එහි සදහන් වනවා.

මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා ඉදිරිපත් කිරීම සදහා උතුරු පළාත් සභාව පත් කැ ඇති මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගෙන් සමන්විත කමිටුද අද රැස්වීමට නියමිතයි. එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේද උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන්.

Related posts

Video: SLS තිබ්බට නියමිත බර නෑ… දහස් ගණන් ජිවිත අනතුරේ දමන බාල වානේ කම්බි ජාවාරම රට පුරා

colombotoday

ඩීල් ගසා ලැබුණු මුදල් ඉවරයි – ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත ඇදවැටේ

colombotoday

ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් – රනිල් වික්‍රමසිංහ

colombotoday

2017 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කෝලි – ICCයෙන් පිදුම් ලබයි

colombotoday

ඇමති මණ්ඩලේ තවත් බරවෙයි… ප්‍රියංකර ජයරත්න අලුත් ඇමති ධුරයක අද දිවුරයි

colombotoday

හොරට බඩු කිරා පාරිභෝගිකයන් ගසා කෑ කූට වෙළෙඳුන් 3,500ක් අත්අඩංගුවේ

Admin