Colombo Today Local News

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ISIS ත්‍රස්තයින් සහරාන්ගේ දේශනා අසා රැඩිකල්කරණය වූ බව කියයි

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකපිට ඉන්දියාවේදී අත්අඩගුවට ගත් සැකකරු 127 දෙනා අතරින් යම් පිරිසක් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය දියත් කළ සහරාන් හෂීම්ගේ දේශනා අසා රැඩිකල්කරණයට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

“මෙසේ අත්අඩංගුවට ගත් අයි.එස්.අයිි.එස්. සැකකරුවන් අතරින් තිදෙනෙකු සඳහන් කළා ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයෙන් මහ මොළකරු වූ සහරාන් හෂීම්ගේ දේශනවලට සවන්දී රැඩිකල්කරණයට ලක්වූ බව” යැයි ඉන්දීය ජාතික විමර්ශන ඒකකයේ ප්‍රධානී ආලෝක් මිත්තල් සඳහන් කරයි. මෙම සැකකරුවන් තිදෙනා තමිල්නාඩුවේ හා කේරලයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සැකකරුවන් 127 දෙනාගෙන් බහුතරයක්ම රැඩිකල්කරණය ලක්ව තිබෙන්නේ මතභේදාත්මක දෙශක සකීර් නායික්ගේ දේශනවලට සවන්දීමෙන් පසුව බවත් ඉන්දීය ජාතික විමර්ශන ඒකකය විසින් කළ විමර්ශනවලදී හෙළිව තිබේ.

කෙසේ වෙතත් සාකිර් නායිකගෙන් ප්‍රශ්න කිරීමට හෝ ඔහුව අත්අඩගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ වෙත නොහැකි වී තිබේ. ඔහු මැලේසියාවේ ජීවත්වන බවට ඉන්දියාව තොරතුරු අණාවරණය කර ගෙන තිබේ.

මෙම සැකකුවන් 127 දෙනා 2014 සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්දියාවේ ප්‍රාන්ත 14කින් ඔවුන් අත්අඩංගුවට ගන තිබේ.

එයින් වැඩිම පිරිසක් (33) තමිල්නාඩුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර උත්තර් ප්‍රදේශයෙන් 19 ක්, කේරළයෙන් 17 ක්, තෙලන්ගානාවෙන්  14 ක්, මහාරාෂ්ට්‍රයෙන් 12 ක්, කර්නාටකයෙන් 8ක්, දිල්ලියෙන්  සිට 7ක්, උත්තරකන්ද් හා බටහිර බෙංගාලයෙන් 4 දෙනා බැගින් හා ජම්මු කාශ්මීරයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජස්ථාන් සහ ගුජරාටයේ පුද්ගලයන් දෙදෙනෙකු බැගින් සහ බිහාර් සහ මධ්‍ය ප්‍රදේශ් වලින් එක් අයෙකු බැගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන 1873 දක්වා ඉහළට

colombotoday

“ජිනීවා යෝජනාවට අනුව කටයුතු කරන්න අප බැඳී සිටිනවා” අගමැති චැනල් 4ට කියයි

colombotoday

අවසර නොමැති පුද්ගලයින්ට අවාරයේ සිරිපා වන්දනා කිරීමට ඉඩ නෑ..

Admin

UN, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය දේශපාලන පරිවර්තනය පිළිබඳව කනස්සල්ලෙන්

colombotoday

ජනපති මෛත්‍රී අවසන් වරට ජාතිය අමතයි (LIVE)

colombotoday

මංගල පැනවූ බද්ද ජනපති ගලවයි

colombotoday